ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 358ක් බෙහෙවින්ම බරපතල ඉලක්කයක් ලැබී තිබේ. මෙම ඉලක්කය හඹා ගොස් ජයග්‍රහණය කළේ නම් එය ලෝක වර්තාවක් වන්නේය. පසුගිය ඔක්තොම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 344 හඹා ගොස් පක්ස්ථානය ලැබූ වාර්තාගත ජයග්‍රහණය සුන් වන්නේය.
මේ කතා හීනවලට ටිකක් මෙපිටින් ඇති බව විශ්වාස කරමු. අපට ගව් ගණක් දුරින් ඉන්දියාවේ ක්‍රිකට් ඇති බව අද ඔවුන් අපට යළිත් පෙන්වා ඇති බැවිනි.
තරගයේ දෙවැනි පන්දුවේ දී නායක රෝහිත් ෂර්මාගේ පොළු ගැලවී යන පන්දුවක් එවීමට ඩිල්ෂාන් මධුශංක සමත් වූයේය. අනතුරුව පළමු කඩුල්ලට ශුබ්මන් ගිල් සහ විරාට් කෝලි එක් කළ සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට අභ්‍යාස කළ යුතු පාඩමක් වූයේය. දෙවැනි කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් දැවි යනවිට ඔවුන් දෙදෙනා ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 189කි. පළමු කඩුල්ල දැවී ලකුණු 189කට පසු ශුබ්මන් ගිල් ලකුණු 92කට දවා ගන්නේත් ඩිල්ශාන් මධුශංකය. අනතුරුව විරාට් කෝලි ලකුණු 88කට දවා ගන්නේත් ඩිල්ශාන් මධුශංකය. ශ්‍රෙයාස් ලියර් ලකුනු 82කට දවා ගන්නේත් ඩිල්ෂාන් මධුශංකය. සූර්ය කුමාර් යාදේව් ලකුණු 12කට දවා ගන්නේත් ඩිල්ෂාන් මධුශංකය. ඔහු පන්දු ඕවර 10 තුළ ලකුණු 80කට කඩුළු 05කි.
හොයාගෙන ඇවිත් අවසාන මෙහොතේ බැස්සූ දුෂ්මන්ත චමීර තුරුම්පුව ලකුණු 72කට කඩුල්ලක් ලබා ගත්තේය. වෙනත් එකෙක්වත් කඩුළු ලබා ගත්තේ නැත. රවීන්ද්‍ර යාදේව් සහ මොහොමඩ් ෂාමි දුවද්දී දැවී ගියේය.
කඩුල්ලක් ලකුණු නොලැබ තිබිය දී බිඳී යෑම මොන කජ්ජක් දැයි ඉන්දීය පිතිකරුවෝ පෙන්වා දී ඇත. ශුබම්න් ගිල් පන්දු 92ක දී ලකුණු 92කි. හයේ පහර 2කි. හතරේ පහර 11කි. කෝලි පන්දු 94ක දී ලකුණු 88කි. හතරේ පහර 11කි. ශ්‍රෙයාස් ලියර් පන්දු 56ක දී ලකුණු 82කි. හතරේ පහර තුනකි. හයේ පහර හයකි. රවින්ද්‍ර ජඩේජාත් පන්දු 24ක දි ලකුණු 35ක් ලැබුවේය. ෂර්මා ලකුණු 04කට දැවි ගිය පසු පැමිණි ක්‍රීඩකයින් තුන්දෙනාම ඒ දැවි යෑම ආවර්ණය කලේ ලකුණු 80කට වඩා ලබා ගනිමිනි.
ජයග්‍රහණය ලැබුනොත් මරුය. ඒත් එය සිතාගන්නටත් බැරි තරම් දුරය.
මිත්‍රවරුනි. අපට ගෞරවණීය පරාජයක් දෙන්න.