-
ආහාර සඳහා වියදම් කර ඇත්තේ ආදායමෙන් සියයට 43ක් පමණයි… 2022ට වඩා කලා තියෙන්නෙත් අඩුවෙන්…
ලලිත් චාමින්ද –
උද්ධමනය හේතුවෙන් මෙරට එක් පවුලක් සදහා මාසික පාරිභෝජන වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දි රුපියල් 103,283 දක්වා සියයට 16.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සදහන් වේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය පදනම්ව මෙරට එක් පවුලක් සදහා 2022 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම රුපියල් 88,704 කි. 2023 වර්ෂයේ දි එක් පවුලක් සදහා මාසික පාරිභෝජන වියදම රුපියල් 103,283 දක්වා සියයට 16.5කින් වැඩිවි ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ.2022, 2023 යන වර්ෂයන්වල මෙරට එක් පවුලක් විසින් වැඩිම වියදමක් දරා ඇත්තේ ආහාර නොවන අයිතම සදහා වන අතර 2022 වර්ෂයේ දි මෙරට පවුලක් විසින් වැයකරණු ලැබු මාසික පාරිභෝජන වියදමෙන් සියයට 53.9ක් වැයකොට ඇත්තේ ආහාර නොවන අයිතම සදහා බවද මෙකි වාර්තාවේ සදහන් වේ. ආහාර සදහා වැයකොට ඇති මුදල මාසික පාරිභෝජන වියදමෙන් සියයට 46.12කි.
2023 වර්ෂයේ මෙරට එක් පවුලක් මාසික පාරිභෝජන වියදමෙන් සියයට 56.2ක් ආහාර නොවන අයිතම් සදහා වැයකොට තිබු අතර ආහාර සදහා වැයකොට ඇත්තේ සියයට 43.8කි. ඉකුත් වර්ෂයේ දි මෙරට ආහාර නොවන කාණ්ඩයේ අයිතම්වල මිල ඉහලයාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කළද 2022 වර්ෂයට සාපේක්ෂව මිල ඉහලයාම අඩුමට්ටමක පැවති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.