fbpx

අප ගැන

ලංකාසර වෙබ් අඩවිය ලෝකයේ සෑම කොනකම සිටින ශ්‍රි ලාංකිකයන්ටත් ශ්‍රි ලංකාව පිලිබඳව උනන්දු වන්නන්ටත් විසි හතර පෑ තිස්සේ පුවත් සහ අපේ ජීවිතවලට විවිධාකාරයෙන් සමීප වූ තොරතුරු වඩාත් විශ්වසනීයත්වයෙන් යුතු ව ලබා දීම අරමුණු කර ගත් වෙබ් අඩවියකි.

තොරතුරු අපේ ජීවිතවලට අතිශයින්ම වැදගත්ය. ඒවා පුවත් විය හැකිය. එසේම දැනුම පදනම් වූ තොරතුරු විය හැකිය. අපේ පෞද්ගලික ජීවිතවලටත් රටේ දේශපාලනයටත් රාජ්‍ය තන්ත්‍රයට සේම සමාජාර්ථික ප්‍රගතියටත් ‍ මේ තොරතුරු අතිශයින්ම වැදගත්ය.

මේ තොරතුරු අන්තර්ජාලය හරහා වඩාත් විශ්වසනීය සහ ගුණාත්මක ලෙස සැමට පෙර ලබා දීම ලංකාසර දැක්මයි. ලංකාසර සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන ත්‍රෛභාෂාවෙන්ම ඔබ ආමන්ත්‍රණය කිරීමේ දැක්මකින් ඇරඹුණු අතර කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දර්ශනයක් හමුවේ නොව ජනතාවට පමණක් වගකියන නොබැඳුණු මාධ්‍යකරණයක් වෙනුවෙන් කැපවී සිටී.

2020 මැයි මස 14 වැනිදා සිට දියත් වූ ලංකාසර මෙහෙයවෙන්නේ මෙරට මාධ්‍යකරණයේ සුවිශේෂ අත්දැකීම් සහ පලපුරුද්ද ඇති මාධ්‍ය වෘත්තිකයන් කණ්ඩායමකි. මුද්‍රිත මාධ්‍යයේ සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ තම ප්‍රතිභාව විදහා පෑ මේ නියමුවන් සමඟ ජනතාවට වගකියන මාධ්‍යකරණය තම හුස්ම කර ගත් කණ්ඩායමක් එක්ව සිටී. එසේම සම්පත් දායකත්වයෙන් එක් එක් ක්ෂේත්‍රෙය් නම් දැරූ ප්‍රවීණයින් රැසක් ලංකාසර ආරම්භයේ සිටම අප සමඟ අත්වැල් බැඳගෙන සිටීම අපට ශක්තියක් සේම අබිමානයකි. මෙම වෙබ් අඩවිය පසුපස තොරතුරු තාක්ෂණ කාර්යභාරය හසුරුවන්නේ අන්තර්ජාල කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර තලයේ අත්දැකිම් බහුල යාවත්කාලීන වූ කණ්ඩායමකි.

නවතම පුවත් , විවිධ සමාජයීය සිදුවීම්, සංසිද්ධි, සංස්කෘතිය,කලාව විනෝදාස්වාද, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍යය මෙන්ම අපේ ජීවිතය වෙනස් කරන අතිශයින්ම වැදගත් දැනුමෙන් ඔබේ ගත සිත තෘප්ත කිරීමේ මෙහෙවර අපි වගකීමෙන් යුතුව ඉටු කරන්නෙමු.

ඔබේ අදහස් තොරතුරු යෝජනා අපට කියන්න

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist