නීති විරෝධී ලෙස යාල ජාතික වනෝද්‍යානයේ සමනලුන් ඇතුළු කෘමීන් දඩයම් කරමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු පවසයි.
කතරගම,කටගමුව වනජීවී නිලධාරීන් වෙත ලැබුනු තොරතුරක් මත සිදුකළ මෙහෙයුමක දී මෙම විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ දීත් ඔවුන් දෙදෙනා කොච්චිපතාන රක්ෂිතය අසල මෝටර් රථයක් නවත්වා සමනලුන් දඩයම් කරමින් සිට ඇති බව සඳහන් වේ.
එම විදේශිකයන් දෙදෙනා ඉතාලි ජාතික පියෙකු සහ පුතෙකු බවත් ඔවුන් සන්තකයේ තිබී රසායනික ද්‍රව්‍ය යොදා සකස් කළ කෘමීන් වර්ග 400 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මිරිස්ස සහ තංගල්ල යන ප්‍රදේශවල දී ද මේ ආකාරයටම ඔවුන් සතුන් දඩයම් කර ඇති බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම ඉතාලි ජාතිකයන් දෙදෙනා ඊයේ (9) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා ලබන 15 වන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර ඇත.