සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින්, වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව අද දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත. මේ වනවිට එම විරෝධතාව ක්‍රියාත්මකය.









