සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

by editor
ජූලි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපෙක්ෂා උඩුවැරැල්ල –

කංජිපානි ඉම්රාන් යනු රටේ නීතියට අමුඩය ගැස්සූ එකෙකි.  රටේ මාර වැඩකාර සීඅයිඩී ඇතුළු අපරාධ විමර්ශකයින් අප ඉදිරියේ හෙළි කොට්ටෙන් ඇවිද්දවූ එකෙකි.

2019 පෙබරවාරි 5 වන දින ඩුබායි රාජ්‍යයේ ජුමෙයිරා (Jumeirah) නගරයේ පිහිටි ‘ඩුබායි මෙරීන් බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා’ (Dubai Marine Beach Resort & Spa) හෝටලයේ පැවති සුඛෝපභෝගී සාදයකදී මාකඳුරේ මධුෂ් සහ කංජිපානී ඉම්රාන් ඇතුළු 31 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් අනතුරුව, 2019 මාර්තු 28 වන දින මොවුන් මෙරටට පිටුවහල් කරනු ලැබීය.

අනතුරුව  මේ අපරාධකරු  බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඇප නොදී  අවුරුදු දෙකක් රඳවා තබාගන්නේය. එහෙත් මේකා ඇප ලැබූ 2021.10.25 දිනට පහුවදා රටෙන් පැන යන්නේය.  ඒ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවටය. කංජිපානි ඉම්රාන්  ඉන්දියාවේ සිට  හොර පාස්පෝට් එකක් භාවිතා කරමින් ඩුබායි වෙත පිටවගොස් එහි රැදීසිට මේවන විට ප්‍රංශය වෙත පිටවගොස් ඇත. මේ වාර්තාවන තොරතුරුය..

මේ පැන යන්නේ කෙහෙල්කනක් කපා ඇප පිට නිදහස් වුන එකෙක් නොවේ. මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම් සම්බන්ධ නඩු 17ක් අධිකරණයේ ඇසෙමින් ඇති අපරාධකරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා දෙකකට වරදකරු වී බන්ධනාගාරගතව දඬුවම් වින්ද පුද්ගලයෙකි.  2019.01.07 වන දින හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 840 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරී ඉටුකල පොලිස් පරීක්‍ෂක එච්.පී. නිශාන් පැතුම් කුමාර යන අයට දුරකථනයෙන් මරණ තර්ජනය කිරීම පිලිබදව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශන සිදුකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ  නඩු අංක B 5197/01/19 යටතේ කරුණු වාර්තා කර නඩුවක් ඇසෙමින් ඇති අපරාධකරුවෙකි.

ලෝකයට අණ බෙර ගසා රටට කුදලාගෙන පැමිණ ඇප මත නිදහස් වූ දිනට පසු දින මූ රටින් පනින තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොදැන සිටියා නම්, රටේ බුද්ධි අංශවලට නොපෙනී තිබුණා නම් ඒ මන්ද බුද්ධික කම සම්බන්ධව වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතුව තිබිණි. මේ ජාල කළමනාකරණයවන ආකාරය දැන් දැන් පෙනෙමින් ඇති බැවිනි.

RelatedPosts

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

අධිකරණයේ විභාගවන කංජජිපානිට ඇති  මනුෂ්‍ය ඝාතන සහ මිනී මැරීමට තැත් කිරීම් පිළිබඳ නඩු 17

කංජිපානී ඉම්රාන් නමැති අපරාධකරු විසින් මෙහෙයවන ලද සහ ආධාර අනුබල දෙන ලද, දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙසේය:

  • නඩු අංක 65441/01/16 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2017 දෙසැම්බර් 9 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනාව.
  • මාකඳුරේ මධුෂ්ගේ පළිගැනීම සහ අසිත ඝාතන තැත: 2016 මාර්තු 3 වන දින මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන අනුගාමිකයෙකු වූ ‘කඹුරුපිටියේ හර්ෂ’ නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළේ දොන් රණසිංහ ආරච්චිගේ ප්‍රසාද් කුමාර හෙවත් ‘අසිත’ නමැත්තාය. ඊට පළිගැනීමක් ලෙස මාකඳුරේ මධුෂ්ගේ අවශ්‍යතාවය මත, කංජිපානී ඉම්රාන් ඇතුළු පිරිසක් විසින් 2018 පෙබරවාරි 20 වන දින බොරැල්ල කොටා පාර දුම්රිය හරස් මාර්ගය අසලදී, වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් යමින් සිටි ‘අසිත’ නමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කරන ලදී.
  • නඩු අංක 89566/02/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): ඉහත සඳහන් කළ බොරැල්ල කොටාපාරේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම, කුමන්ත්‍රණය සහ ආධාර අනුබල දීම යටතේ පැවරූ නඩුවකි.
  • ‘කොස් මල්ලී’ ඝාතනය සහ හිස කෙසෙල්වත්තට ගෙන ඒම: 2018 මාර්තු 7 වන දින අංගොඩ පදිංචිව සිටි පණ්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් ‘කොස් මල්ලී’ නමැත්තා අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී ගෙල කපා ඝාතනය කිරීමෙන් පසු, ඔහුගේ හිස කොටස කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයට රැගෙනවිත් දමා මහජනතාව බියවැද්දීමේ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව.
  • නඩු අංක බී 90422/03/2018 (අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2018 මාර්තු 19 වන දින කොටහේන ආමර්වීදිය මැසෙන්ජර් පටුමග අසලදී, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ඉන්නාසිමුත්තු ඇන්ටනී රාජ් නැමැත්තා වෙඩිතබා ඝාතනය කර, ඔහුගේ බිරිඳ වූ ජයසිංහ ආරච්චිගේ සුරංගිකා නිල්මිණි නමැත්තියට වෙඩිතබා බරපතල තුවාල සිදුකිරීමේ අපරාධය සැලසුම් කිරීම, කුමන්ත්‍රණය සහ ආධාර අනුබල දීම.
  • නඩු අංක 90760/04/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2018 මාර්තු 27 වන දින මාලිගාවත්ත අල්අමා ඉක්බාල් මාවතේ සැලූන් එකක් අසලදී ෂාහුල් හමීඩ් මොහොමඩ් නිබ්‍රාස් හෙවත් ‘නිප්පු’ නමැති 30 හැවිරිදි තරුණයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සහ ආධාර අනුබල දීම.
  • නඩු අංක 95807/06/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2018 ජූලි 8 වන දින වෙරළබඩ පොලිස් වසමේ 131 වත්ත හංදියේදී සෙල්ලයියා සෙල්වරාජ් සහ නන්දන ආරච්චිගේ තිලිස් එලිසබත් පෙරේරා යන අය වෙඩිතබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාව.
  • නඩු අංක 97270/06/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2018 අගෝස්තු 3 වන දින මෝදර අලුත් මාවත තැපැල් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුම්පොළේදී ගෝපාල්පිල්ලෙයි බාලචන්ද්‍රන් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සහ ආධාර අනුබල දීම.
  • ස්වදේශීය බිරිඳ ඝාතනය කිරීමේ නඩු අංක 98440/04/18: 2018 අගෝස්තු 26 වන දින මාලිගාවත්ත ප්‍රදේශයේදී කංජිපානී ඉම්රාන්ගේම නීත්‍යානුකූල බිරිඳ වූ මොහොමඩ් මුසම්මීර් සිත්ති රිනෝෂා නමැත්තියව වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය මොහුගේ ඍජු අවශ්‍යතාවය මත සිදුකර ඇති බව හෙළි විය. ඇය මොහුගේ මත්ද්‍රව්‍ය නඩුවකට ඇපකරුවෙකු ලෙසද ඉදිරිපත් වූ තැනැත්තියකි.
  • නඩු අංක 90760/04/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2018 අගෝස්තු 30 වන දින මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් හංදිය අසලදී මොහොමඩ් රහීම් අබ්දුල් රාවුෆ් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය සහ ආධාර අනුබල දීම.
  • නඩු අංක 99620/04/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2018 සැප්තැම්බර් 12 වන දින මාලිගාවත්ත ඇපල් වත්ත ප්‍රදේශයේදී මොහොමඩ් අස්මි නිසාම්දීන් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම.
  • නඩු අංක 1433/04/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): ඉහත සිද්ධියෙන් තුවාල ලබා බේරුණු මොහොමඩ් අස්මි නිසාම්දීන් නමැත්තාටම, 2018 ოქტომබර් 20 වන දින මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාසල අසලදී නැවත වරක් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව.
  • නඩු අංක 2424/04/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2018 නොවැම්බර් 7 වන දින ග්‍රෑන්ඩ්පාස් පරාක්‍රම මාවත උත්සව ශාලාවක් අසලදී මොහොමඩ් ඡවුෆර් මිෆ්රාස් අහමඩ් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම.
  • නඩු අංක 3773/06/18 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2018 දෙසැම්බර් 10 වන දින මෝදර රාස්සමුල්ල කන්ද අසලදී ගිනි අවියකින් වෙඩිතබා පුද්ගලයන් 6 දෙනෙකු එකවර ඝාතනය කිරීමට තැත් කිරීමේ කුමන්ත්‍රණය.
  • නඩු අංක 4926/06/19 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2019 ජනවාරි 1 වන දින වෙරළබඩ ජම්පටා වීදියේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම.
  • නඩු අංක 5738/06/19 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2019 ජනවාරි 20 වන දින වෙරළබඩ ජින්තුපිටියේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පවරන ලද නඩුව.
  • නඩු අංක 7046/01/19 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය): 2019 පෙබරවාරි 14 වන දින කොටහේන මෛත්‍රී බෝධිරාජ මාවතේදී කාන්තාවකට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නඩුව.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පොලිසියට මරණ තර්ජනය කිරීම්

කංජිපානී ඉම්රාන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව සනාථ කරමින් කොළඹ මහාධිකරණයේ විභාග වූ අංක HC/7751/03/15 නඩුව යටතේ, 2013 සැප්තැම්බර් 13 වන දින මාලිගාවත්ත පොලිසිය විසින් ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් සමඟ මොහූව අත්අඩංගුවට ගෙන තිබිණි. එම නඩුවේ වැරදිකරු වූ මොහුට 2019 අගෝස්තු 23 වන දින වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ අතර, බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා තබන ලදී. පසුව එම සිරදඬුවම ලිහිල් වී 2021 ඔක්තෝබර් 25 වන දින ඔහු නිදහස් විය.

මීට අමතරව, 2019 ජනවාරි 7 වන දින හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 840ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරී කළ පොලිස් පරීක්ෂක එච්.පී. නිශාන් පැතුම් කුමාර යන නිලධාරියාට කංජිපානී ඉම්රාන් විසින් විදේශ රටක සිට දුරකථනයෙන් අමතා මරණ තර්ජනය කර තිබුණි. ඒ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩු අංක B 5197/01/19 යටතේ කරුණු වාර්තා කර ඇත.

තවද, 2019 පෙබරවාරි 13 වන දින පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් කංජිපානීගේ ප්‍රධාන සහායකයෙකු වන මොහොමඩ් මිහිලාර් මොහොමඩ් අස්වර් නමැත්තා හෙරෝයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 300ක් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

විදේශගත වූ පසු ක්‍රියාත්මක කළ බරපතලම ලේවැකි අපරාධ

රටින් පලාගියද කංජිපානී ඉම්රාන් තම අපරාධ ජාලය මෙරට තුළ මෙහෙයවීම නතර කළේ නැත. මෑත කාලයේ මෙරට කැළඹූ ප්‍රධාන ඝාතන කිහිපයක පිටුපස සිටින්නේ මොහුය:

‘බඩා රංජි’ ඝාතනය (2024.01.15): මෝදර රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය අසලදී ත්‍රීරෝද රථයකින් පැමිණි තුවක්කුකරුවන් විසින් සෙන්දිල් ආරුමුගම් දුෂ්‍යන්තන් හෙවත් ‘බඩා රංජි’ නමැත්තා වෙඩිතබා ඝාතනය කරන ලදී. විමර්ශනවලදී හෙළි වූයේ බඩා රංජි විසින් 2020 වසරේදී කංජිපානී ඉම්රාන්ගේ පියාට පහර දී තිබූ අතර, ඊට පළිගැනීමක් ලෙස විදේශයේ සිට තම අනුගාමිකයින් ලවා මෙම ඝාතනය සිදුකර ඇති බවය.

අතුරුගිරියේ ‘ක්ලබ් වසන්ත’ ඝාතනය (2024.07.08): අතුරුගිරිය කඩුවෙල පාරේ පිහිටි “Unique Tattoo and Piercing Studio” ආයතනය විවෘත කිරීමේ උත්සවය අතරතුර ටී-56 ගිනි අවිවලින් කළ බරපතල ප්‍රහාරයෙන් ප්‍රකට ව්‍යාපාරික ක්ලබ් වසන්ත හෙවත් කැරෝකේ වසන්ත සහ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වූ නයන වාසුල විජේසූරිය මියගියහ. කේ. සුජීවා ඇතුළු කිහිපදෙනෙකු තුවාල ලැබූහ. මෙම වෙඩි තැබීම කංජිපානී ඉම්රාන්, ලොකු පැටී (ඩුබායි සිටින), වැලිපැන්නේ සංජීව, ලැටා, උනාකුරුවේ ශාන්ත සහ රොටඹ අමිල යන ඒකාබද්ධ අපරාධකරුවන්ගේ මෙහෙයවීමෙන් සිදුවූවකි. 2019 දී ඩුබායි හිදී මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඔත්තුව සැපයූවේ ක්ලබ් වසන්ත බවට මොවුන් තුළ තිබූ සැකය මෙම ඝාතනයට හේතුවය.

‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනය (2025.04.22): වැල්ලම්පිටිය කොලොන්නාව ලක්සඳ නිවාස සංකීර්ණයේදී ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියදාස් හෙවත් ‘ඩෑන් ප්‍රියසාද්’ නමැත්තාව පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කරන ලද්දේ ද කංජිපානී ඉම්රාන්ගේ ඍජු මෙහෙයවීමෙන් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉදිරි විමර්ශන සහ අභියෝගය

මේ වන විට මෙම දරුණු අපරාධකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා A-8882/8-2024 (දිනැති 2024.08.02) දරන ‘රතු වරෙන්තුව’ (Red Notice) නිකුත් කර තිබේ. ඇප ලබා හිරෙන් පැනගිය දින සිට මේ දක්වාම මොහු විදේශගතව සිට මෙරට තුළ මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් බාධාවකින් තොරව සිදුකිරීම එක් අතකින් දැඩිව විමසිය යුතුය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ප්‍රංශය වැනි යුරෝපීය රටක සැඟව සිටින කංජිපානී ඉම්රාන් වැනි ජාත්‍යන්තර අපරාධකරුවෙකු නැවත ලංකාවට ගෙන්වා නීතිය හමුවට පැමිණවීම, මෙරට ආරක්ෂක අංශවල සහ අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේ පෞරුෂය මෙන්ම දක්ෂතාවය උරගා බලන බරපතලම අභියෝගයකි. එම අභියෝග ඉදිරියේ රටේ ආරක්ෂක අංශ හැසිරෙන ආකාරය පිළිබඳව අපි ඉවසිලිමත්ව බලාගෙන සිටිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Related Posts

පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.