ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකාරිනියවන චමරි අතපත්තු, එංගලන්ත සුපිරි ක්‍රීඩිකා නෙතලි ස්කයිවර් බ්‍රන්ට් පසුකරමින් ලෝක පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල පළමු තැනට පැමිණියා ය.
ඇය ලබා ගත් ප්‍රසාද ලකුණු ගනණ 733කි.
කාන්තා එක්දින ඉතිහාසයේ වාර්තාගත ඉහළම සාර්ථක ලකුණු හඹායාම සඳහා ශ්‍රී ලංකාව බල ගන්වමින් වාර්තාගත පිතිකරණයක නිරත වූ චමරි අතපත්තු පසුගිය වකවානුවේ ක්රිිකට් ලෝකය තුළ වඩාත් සංවාදයට ලක් වූ ක්‍රීඩිකාව වූවාය.
දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරතාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරඟයේදී අතපත්තුගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වුන තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 302ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය අතපත්තු ශ්‍රී නොදැවී ලකුණු 195 සමඟින් කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දුන් අතර කාන්තා එක්දින තරගවල තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවට ලබා ගත්තේ ඇයය. කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හඹා යන ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ චමරිය.
එය 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලබා ගත් ලකුණු 201ට පමණක් දෙවැනි වෙන චමරි අතපත්තු නොදැවි ලබා ගත් ලකුණු 195 අන්තර්ජාතික එක්දින තරග ඉතිහාසයේ කාන්තා හෝ පිරිමි ක්‍රීඩකයෙක් හඹා යන ඉනිමක දී ලබා ගන්නා වැඩිම දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය.
දැනට 34 වැනි වියේ පසුවන චමරි ශ්‍රී ලංකා සංචිතයට මුල් වරට ඇතුළු වන්නේ වර්ෂ 2009 දී ය. එදා සිට අඛණ්ඩව වසර 14ක් කණ්ඩායමේ රැඳෙමින් ඇය එක්දින ජාත්‍යාන්තර තරග 101කට ක්‍රීඩා කළාය. කණ්ඩායමක් සඳහා අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ( තරග 65ක් ) ක්‍රීඩිකාවන් අතර ඇය පසුවන්නී 09 වන තැනය. වැඩිම ශතක ලාභී ක්‍රීඩිකාවන් අතර ඇය ඉන්නේ 05 තැනය.