ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි හි පැවති 46 වැනි තරගය නිමා වන්නේ යළිත් වරක් මතීෂ පතිරණ සම්බන්ධව කැපී පෙනන කථිකාවක් ඇති කරමිනි.
චෙන්නායි සුපර් කිංස් සහ සන්රයිස් හයිද්‍රාබාද් අතර පැවති තරගයේ දී අමතකනොවන පිතිකරණයක නිරතවූ නායක ඍතුරාජ් ගයික්වාඩ් තරම්ම පන්දු ඕවර තුනක දී ලකුණු 27ට කඩුළු 4ක් දවා ගත් තුෂාර් දේශපාන්ඩේ තරම්ම ආකර්ශනයක් මතීෂ පතිරණ දිනා ගත්තේය. සන්රයිස් හයිද්‍රාබාද් මැදපෙළ පිතිකරු හෙන්රිච්මතීෂගෙන් තවත් වර්ණවත් පන්දු යැවීමක්! දමමින් එල්ලවන මතීෂගේ යෝකර් පන්දුව තරගයේ උත්කර්ෂවත් අවස්ථාවක් විය.
කාසියේ වාසිය දිනුවේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. එහි ප්‍රතිඵලය බෙහෙවින්ම බරපතල විය. නායක ඍතුරාජ් ගයික්වාඩ් පන්දු 54ක දී ලකුණු 98කි. ශතකය අභියස ඔහු දැවී ගියේය. ඩෙරිල් මිචෙල් පන්දු 32ක දී ලකුණු 52කි. ශිවම් ඩුබේ පන්දු 20ක දී ලකුණු 39කි. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 212ක් ලබා ගත්තේ කඩුළු 03ක් පමණක් දැවී ගොස් තිබියදී ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට මතීෂ ඇතුළු පන්දු යැවීමේ බලඇණිය නිදහසේ හුස්ම ගැනීමට ඉඩ දුන්නේ නැත. ලකුණු 134කට සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර 18.5ක් තුළදී ය.
සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී තුෂාර් දේශ්පාන්ඩේ පන්දු ඕවර 03ක් පමණක් යවා කඩුළු 04ක් දවා ගත්තේය. ඒ ලකුණු 27කට ය. මතීෂ පතිරණ පන්දු ඕවර 2ක් පමණක් යවා ලකුණු 17කට කඩුළු 02ක් ද, මුෂ්ටෆිසුර් රහ්මාන් පන්දු ඕවර 2.5ක් යවා ලකුණු 19කට කඩුළු 02ක් ද ලැබුවේය. චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම ලකුණු 78ක දැවැන් ජයග්‍රහණයක් වාර්තා කලේය.