බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මුදල් කාරක සභාවේ අනුමතිය!

by lankasara-editor
මැයි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස,1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත එනම් පරාටේ නීතිය දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා මුදල් කාරක සභාවේ අනුමතිය හිමි විය.
මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැවසුවේ මේ මගින් තාවකාලික සහනයක් ණය හිමියන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටියේ දෙසැම්බර් මස 15න් පසු මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්නයි. මේ අනුව පැමිණි නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබාදීමට අපොහොසත් වූ අතර කමිටුව නිර්දේශ කළේ දෙසැම්බර් 15න් පසු පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමට කටයුතු කරන ලෙසය.

එසේම පරාටේ නීතියට යටත් ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසද මෙහිදී කමිටුව නිර්දේශ කළේය.

තවද පරාටේ නීතියට යටත්ව ණය ලබාගැනීම බෙදී ගිය ආකාරය පිළිබඳව ද කමිටුව විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි. විශේෂයෙන්ම ක්ෂුද්‍ර පරිමා‍ණ, කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙම නීතියට යටත්ව ණය ලබාගැනීම සිදුව ඇති ආකාරය සහ මෙසේ කාණ්ඩ කරන්නේ කුමණ නිර්ණායකයන්ට යටත්වද යන්න පිළිබඳව මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විසින් විමසන ලදි. මේ පිළිබඳ නිවරදි දත්ත නිලධාරීන් සතුව නොපැවති අතර එම දත්ත කාරක සභාවට ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී ‍නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම අවස්ථාවේ ඡායාරූපයක්

එසේම මෙහිදී ක්ෂේත්‍ර වශයෙන් අවධානය යොමු කිරීමේදී වැඩි වශයෙන් අගතියට පත් ක්ෂේත්‍ර මොනවාදැයි ප්‍රතිශත වශයෙන් විමසා බැලීමද කමිටුව විසින් සිදු කරන ලදි. තවද 2020,2021 සහ 2022 යන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ආර්ථිකමය අවපාතයක් පැවති විශේෂිත කාලසීමාවට සපේක්ෂව අනෙකුත් කාලසීමාව තුළ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවද දත්ත ලබාදෙන ලෙසද මෙහිදී කමිටුව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදි. මේ පිළිබඳ දත්ත ඉදිරියේදී කමිටුවට ඉදිරිපත් කරන බව පැමිණි නිලධාරීන් මෙහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරු හිමිකරු රෙනෝ හේලීස් සමාගමත් අල්ලයි!

Next Post

රුසියාව යුද්ධයේ දී රසායනික අවි භාවිත කරන බවට එක්සත් ජනපදය චෝදනා කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.