ශ්‍රී ලංකාව අවට මුහුදේ තල්මසුන් මරා ඔවුන්ගේ අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකිණීමේ ජාවාරමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළඇණිය සමත්ව ඇත.
අහුන්ගල්ල පුදේශයේදී ඔහු අත්අඩංුවට ගෙන ඇති අතර තල්සුන්ගේ බහිස්ස්‍රාවීය දුව්‍යයක් වන අම්බර තොගයක් රුපියල් කෝට සියයකට විකිණීමට සූදානම් කර තිබියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අම්බර කිලෝග්‍රෑම් 5ක් ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත..
ගැඹුරු මුහුදේ දී මෙම දුර්ලභ තල්මසුන් මරා ලබා ගන්නා අම්බර කෝටි ගණනකට විදේශීය ජාතිකයන්ට විකුණන බවට වලාන බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලැබුණු තොරතුරක් මත සැරයන් ජයලාල් ඇතුළු කණ්ඩායමක් ආවේක්ෂණ රාජකාරි යොදවා අනාවරණය කරගත් බුද්ධි තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. . මෙම අම්බර මිල අධිකම මෙන්ම අධික සුවඳින් යුත් සුවඳ විලවුන් නිපදවීමට යොදා ගන්නා අතර බැවින් ජාවාරම්කරුවන් අම්බර විකිණීම සිදුකරන බව කියයි.
අත්අඩංගුවට ගත් මහ මොළකරු අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවකයෙකි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, උප පරීක්ෂක සඳරුවන්, ජයවීර, සැරයන් සම්පත් (34950), ජයලාල් (428), කොස්තාපල් බාලසූරිය (77090), ප්‍රියන්ත (82453), සංජීව (91287), ජයසේකර (93681), සියන්ත (94009), මධුසංඛ (35039) සහ තිසර (80501) යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ







