ලලිත් චාමින්ද –
සීමාසහිත ජාතික ලුණු සමාගම විසින් චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව සමාගමේ නිලධාරින් 111 දෙනෙකු සඳහා ඉකුත් වර්ෂයේ ජනවාරි මස සිට මාස 06ක කාලසීමාවක් සඳහා දෛනිකව අර්බුද දිමනාව වශයෙන් රුපියල් එක්කෝටි,තිස්දෙදහස් අනූ අටක (10,032,098) ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ලුණු සමාගම විසින් 2022 වර්ෂයේ ජූනි මස සිට 2022 දෙසැම්බර් දක්වා සියලුම නිලධාරින් සඳහා රුපියල් 5000 ක මාසික දිමනාවක් ගෙවා තිබුණි. එම දිමනාව නවතා ඉකුත් වර්ෂයේ මුල් මාස හය සඳහා නිලධාරින්ගේ තනතුරු මත රුපියල් 500 හා රුපියල් 850 අතර දෛනිකව අර්බුද දීමනාවක් වශයෙන් මෙකී මුදල ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
චක්‍රලේඛ ප්‍රකාරව දීමනා ගෙවීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.







