මෙරට ප්‍රකට විද්වතෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා අද ඇමෙරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 79 වන වියේ පසු වූ ගණිත විද්‍යා මහාචාර්යවරයා ජාතික චින්තන පර්ෂදය හරහා තමන්ටම අනන්‍ය වූ දේශපාලන සහ විද්‍යාත්මක දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කළ විද්වතෙකි.
කැලණිය විශ්ව විද්‍යාලයේ කලක් සේවය කළ මහාචාර්ය නලින්ද සිල්වා තමන්ට අනන්‍ය වූ දේශපාලන සහ විද්‍යාත්මක මතවාදයන් ඉදිරිපත් කළ අතර ඔහු සිය අවසන් සමය දක්වාම ලේඛනයේ නිරත විය.
සිය පුතු ගේ සුවදුක් විචාලීම සඳහා පසුගියදා ඇමෙරිකාවට ගොස් ඇති මහාචාර්ය නලින්ද සිල්වා එහිදි අභාවප්‍රාප්ත වී ඇත. අවසන් කටයුතු පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.