ලලිත් චාමින්ද –
මෙරට කර්මාන්ත අංශයේ කටයුතු ඉකුත් වර්ෂයේ දී (2023) සියයට 9.2 කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.
ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපෘති අත්හිටුවීම මෙම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි. එමෙන්ම රෙදිපිළි, නිමි ඇඳුම්, සම් භාණ්ඩ නිෂ්පාදනය සදහා වන ගෝලීය ඉල්ලුම පහත වැටීම නිසා නිෂ්පාදන කර්මාන්ත කටයුතු පහත වැටී තිබුණි.
කෙසේවුවද ඉකුත් වර්ෂයේ දී කර්මාන්ත අංශයේ සැපයුම්වල ක්‍රමික වර්ධනයක් දක්නට ලැබුනද ඉල්ලුම් අංශයේ පසුබෑම ද කර්මාන්ත අංශයේ කටයුතු පහත වැටීමට බලපා ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් වර්ෂයේ ඉදිකිරීම් අංශයේ සියයට 20.8 ක පසුබෑමක් වාර්තා වී තිබූ අතර නිෂ්පාදන කර්මාන්ත අංශය තුල සියයට 3.2 ක පසුබෑමක් වාරතා වී තිබූ බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.







