අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව රුපියල් 4,115 කට පැවති කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 3,940 ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක පැවති මිල රුපියල් 70 කින් අඩු කර ඇති අතර නව මිල දැක්වෙන්නේ රුපියල් 1,582 ක් ලෙසයි. කිලෝග්‍රෑම් 2.3 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 740 කි.
කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 275 කින් අඩු කර ඇති අතර නව මිල දැක්වෙන්නේ රුපියල් 3,840 ක් ලෙසයි. කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 110 කින් අඩු කර ඇති අතර නව මිල 1,542 ක් ලෙස සඳහන් වේ.







