දිනසේන රතුගමගේ –
වවුනියාව මහ රෝහලේ ගැබිණි වාට්ටුවේදී මවක් නාන කාමරය තුළ ඇද වැටීමෙන් මව හා කුසේ සිටි බිළිදා ඊයේ ( 22 ) මියගොස් තිබේ.
ඇය නාන කාමරයට යමින් සිටි අවස්ථාවේදී ඇගේ පය ලිස්සා ඇය බිම ඇද වැටීමෙන් පසුව කුස පුපුරා කුසේ සිටි බිළිදා මියගොස් තිබේ.
පසුව වෛද්‍යවරුන් ඇයට හදිසි සැත්කමක් සිදු කරණ ලද නමුත් ගැබිණි මවද අධික ලෙස රුධිරය වහනය වීම නිසා මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ 34 හැවිරිදි මවක්වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහ රෝහල හා පොලීසිය වෙන වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කොට තිබේ.
මියගිය ගැබිණි මවගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇත.