දිනසේන රතුගමගේ –
-
ඉන්දියාවට ආවෙ සරණාගතභාවය ඉල්ලාගෙන ලු… නැගෙනහිරින් පැමිණි පුද්ගලයින් ඉන්දියානු සරණාගතභාවය ඉල්ලූ පළමු අවස්ථාව මෙයයි… පොලිසියට සැකයක්…
කිළිනොච්චියේ පුනරීන් වෙරලෙන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගිය අවුරුදු අටක කුඩා ළමයෙකු හා තවත් දෙදෙනෙකු ඉන්දියාවේ ධනුස්කොඩි පොලීසිය විසින් ඊයේ (22) අත් අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුවේ පදිංචිකරුවන් වන මේ තුන් දෙනා අතර සිටි කුඩා ළමයා අත් අඩංගුවට පත් වූ සෙසු පිරිමි පුද්ගලයින් දෙදෙනාගේ පුතෙකු නොවීම නිසා ඔවුන් ඉන්දියාවට පැමිණීම සම්බන්ධයෙන් ධනුස්කොඩි පොලීසියට විශාල සැකයක් පහළ වී තිබේ.
ඔවුන් පොලීසියට පවසා අත්තේ ඉන්දියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණි බවය.
ඉන්දියාවට පලා ගිය මේ තුන් දෙනාගෙන් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනා ළග ශ්‍රි ලංකාවේ ජාතික හැදුණුම්පත හැරුණු විට වෙනත් කිසිදු ලියවිල්ලක් තිබී නැති අතර කුඩා ළමයා සම්බන්ධයෙන් කුමන හෝ ලියවිල්ලක් නොමැති බවද ධනුස්කොඩි පොලීසිය ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත් මඩකලපුව ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගිය මුල්ම සාමාජිකයින් තුන් දෙනා මොවුන් වීමද ධනුස්කොඩි පොලීසියට විශාල ප්‍රශ්නයක් වී ඇති අතර ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි.
මේ වන විට ශ්‍රි ලාංකිකයින් 308 දෙනෙකු සරණාගතභාවය අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගොස් ඇතත් ඔවුන් සියලුම දෙනා උතුරේ පදිංචිකරුවෝ වෙති.