අසේල කුරුළුවංශ –
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
මහනුවර ජාතික ජන බලවේගයේ ඉදිරිපෙළ නායකයෙකු සඳහන් කළේ, මහාචාර්ය සරත් අබේකෝන් පුද්ගලික හේතුවක් මත සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇති බවයි.
ධූරයෙන් ඉල්ලා අස්වී ඇති මහාචාර්ය සරත් අබේකෝන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකු වන අතර පසුව ඔහු එම විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය ද හෙබවූ ප්‍රකට විද්වතෙකි.







