හත් දෙනෙක් එක තැන මරා දමා 21ක් දෙනෙක් බරපතල අනතුරකට ලක් කළ ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අත්හිටවූ නමුත් එදින සංවිධායකයින් විසින් පවත්වන ලද නිර්ජ්ජිත විනෝද සැණ කෙළියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි යුද හමුදාව නිවේදනය කරයි.
Fox Hill Journey නමින් මෙම DJ රාත්‍රිය සහ විනෝද සැනකෙළිය ලේ සහ මාරක අඳෝනා වියැකි යන්නට පෙර පැවත්වීම බරපතල සමාජ විසංවාදයකට තුඩු දී තිබිණි. සමාජ මාධ්‍ය වාර්තා කළේ මෙම සැනකෙළිය සංවිධානය කර තිබුණේ මෝටර් රථ ධාවන තරගාවලිය සංවිධානය කළ ඔටෝ මෝබයිල් සංගමය සහ යුද හමුදාව විසින් බවය.
මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් යුද හමුදාව පැහැදිලි කර ඇත්තේ Fox Hill Journey DJ රාත්‍රිය සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බවය.
බණ්ඩාරවෙල පිහිටි හෝටලයක් මගින් Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර ඇති බවද එහි දැක්වෙයි.
එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ Fox Hill සුපර් ක්‍රොස් තරගාවලිය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් එම Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර ඇති බවය.
සමස්ථ යුද්ධ හමුදාව කම්පනයට පත්ව සිටින මොහොතක යුද්ධ හමුදාව හෝ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය අනුග්‍රහයකින් තොරව එම Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර තිබූ බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.