සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වෛද්‍ය ආඥා පනත වෙනස්කර ලෝක සම්භාවනාවට පත් අපේ වෛද්‍ය අධ්‍යාපනය කුඩුකර දමන කුපාඩිකම නවත්වන්න…

by editor
මැයි 10, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

වසන්ත අල්විස්
කැඳවුම්කරු , මහජන යුතුකම් කේන්ද්‍ර. –

වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටුව හරහා  ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතුව ඇති ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සහ වර්තමානයට අවශ්‍ය පරිදි වෛද්‍ය ආඥාපනත වෙනස් කිරීම සඳහා නිර්දේශ  ඉදිරිපත් කිරීම පිණිස අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති  බවත්, එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2023/10/09 දින පැවති  අමාත්‍ය මණ්ඩ රැස්වීමේදී අනුමැතිය දී ඇති බවත් ප්‍රකාශව ඇත. 

මෙහි පුදුමයට කරුණ වන්නේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ කිසිදු ප්‍රවීණයෙක් හෝ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කිසිවෙකු හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ සුදුසු ප්‍රමාණිකයකු වෛද්‍ය  ආඥා පනත වෙනස් කිරීම සඳහා තෝරාගෙන ඇද්ද ඒ වෙනුවෙන් මේ රටේ විද්වත් ප්‍රමාණිකයන්ගෙන් අදහස් විමසා ඇද්ද යන්න මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් නොමැති බවයි .

ලෝක සෞඛ්‍ය දර්ශක වල ඉන්දියාව ඇත්තේ අපේ රටට බෙහෙවින්ම පසුපසිනි. ශ්‍රී ලංකාව 41 ස්ථානය වන විට ඉන්දියාව ඇත්තේ 111  වන ස්ථානයේ ය.

ඉන්දියානු ව්‍යාපාරික සහ  දේශපාලන පැලැන්තියේ වුවමනා මත එරට වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීම නිදහස ලැබීමෙන් පසු එරට කරන ලද බරපතළ වරදක් බව එරට සෞඛ්‍ය ලේකම්වරයකු විසින් වරක් පවසා ඇත

අපේ රටේ බාල බෙහෙත් පරික්ෂා කිරීමට කිසිදු ආයතනයක් නැත

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙතරම් ලෝක පිළිගැනීමට සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉතා ඉහල තැනක තැබීමට හේතුවී ඇත්තේ 1945 ස්ථාපිත කරන ලද අදටත් ගැලපෙන වෛද්‍ය ආඥා පනතය.

එමගින් මේ රටේ බොහොමයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින විද්වතුන් නියාමනය කරන අතර , එය ලෝක සෞඛ්‍ය දර්ශකවල ශ්‍රී ලංකාව ඉහළට රැගෙන යාමට ප්‍රයෝජනවත් වී ඇත

එබැවින් ශ්‍රී ලංකාව කළ යුත්තේ ඉන්දියාව මෙන් විනාශ වීම නොව තවදුරටත් වෛද්‍ය ආඥා පනත ආරක්ෂා කර එය මෙරට ව්‍යාපාරික පැලැන්තියේ හෝ දේශපාලන අරමුණුවලට ගැති වී  විනාශ වීමට ඉඩ නොදීමය.   විද්වත් වෘත්තිකයන්ගේ අනුදැනුම මත පමණක් වෛද්‍ය ආඥා පනතෙහි යම්කිසි වෙනස් වීමක් වත්මන් කාලය සමඟ සිදුකළ යුතු නම් එය දීර්ඝ සාකච්ඡාවකින් පසු වෙනස් කිරීමය.

එමගින් ශ්‍රී ලංකාව තවදුරටත් ලෝක සෞඛ්‍ය දර්ශකවල  ඉහළ පිලිගැනීමට ලක්විය හැකි ආකාරයට ස්ථාවර කිරීමය.

වර්තමානය වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවත්වාගෙන ගිය ප්‍රමිතීන් හේතුවෙන් ලෝක වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක්ව තිබේ.  දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරගත් ඉන්දියාවට එවැනි තත්ත්වයක් හිමිව නොමැත

එසේම මෙමගින් ලෝක වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක් නොවූ ඉන්දියාවේ ඇතැම් වෛද්‍ය පීඨ පිළිගැනීමට බලකරනු ඇත

අනාගතයේ එවැනි බාල වෛද්‍ය පීඨ වලින් එළියට එන මෙරට වෛද්‍ය සිසුන් පමණක් නොව එම වෛද්‍ය පීඨ වලින් ඉගෙන ගත්  ඉන්දියානු වෛද්‍යවරුන් පවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයකට පැමිණීමේ බරපතළ තර්ජනයක් පවතී

නුදුරේදී අත්සන් කිරීමට නියමිත බැව් පවසන එහෙත් මෙරට බහුතරයේ විරෝධය ඇති එට්කා ගිවිසුමද එයට කදිම උදාහරණයකි

එබැවින් අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමේ කමිටුවේ සිටි විද්වතුන් කවුරුන්ද

සිදු කළ වෙනස්කම් මොනවාද , එය තවත් රට කැළඹූ ව්‍යාපාරික සහ දේශපාලන අරමුණු මත සිදුවූ කුමන්ත්‍රණයක්ද යන්න රටට නොවහලහා පැවසිය යුතුව ඇත.

එසේම මෙරට ජාතික සම්පත් සියල්ල අන්සතුකර හෝ විකුණා දැමූ පසු   සුදුස්සන්ට පමණක් අයිති  මෙරට අධ්‍යාපන අවස්ථාවන්ද සුදුසුකමට නොව මුදල් වලට විකුණා දැමීමේ අභිලාෂය දැන් අපට පැහැදිලිය.    වසර හැත්තෑ හතරක් තිස්සේ ඉතාමත් ආයාසයෙන් රැකගත් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන අවස්ථාවන්  සියල්ල විකුණා මේ රට ආසියාවේ ආශ්චර්ය නොව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ සහ තවදුරටත් නුසුදුස්සන් අතින් පාලනය වන රටක් බවට පත් කිරිමේ තැත පරාජය කළ යුතු අවස්ථාව එළඹ තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව සහ එමගින් ජාතික ආරක්ෂාවට සෘජුව බලපානු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥා පනත ව්‍යාපාරික දේශපාලන අරමුණු වෙනුවෙන් වෙනස් කර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව විනාශ කිරීමට මෙරටේ විද්වතුන් සහ ජනතාව ඉඩ ලබා දෙන්නේ නැත

වර්තමාන පාලකයන් සිතිය යුතුව ඇත්තේ ඔවුන්ට මේ රට ලියා දී නොමැති බවය. ඔබ මේ රටේ භාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ

මේ රට තුළ කිසිදු වෙනස්කමක් සිදු වන්නේ නම් මෙරටේ අයිතිකරුවන් වන මහජනතාවගේ අදහස් නොවීමසා සිදු කරනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයකට මෙරට ජනතාවගේ අනුමැතිය ලැබෙන්නේ නැති බව වත්මන් පාලකයන් සිහි තබාගත යුතුව ඇත.

එබැවින් උක්ත කමිටුව මගින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කරන වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද ප්‍රකාශ කරමු

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවීන මාධ්‍යවේදී ඒ.ඩි රංජිත් කුමාර දිවි සැරියෙන් සමුගනී!

Next Post

ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරු 10ක් පාර්ලිමේන්තුවේ… ඕමල්පේ සෝබිත හිමි හෙළි කරයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.