ද්විත්ව පුරවැසි භාවය සහිත තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු ඇතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
උන්වහන්සේ පවසන්නේ ද්විත්ව පුරවැසි භාවය සහිත මන්ත්‍රීවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බවය.
ද්විත්ව පුරවැසි භාවය වැනි අයථා තත්ත්වයන් දරන මන්ත්‍රී පදවියට සුදුසුකම් නැති තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙක් පමණ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන බව අපට දැනගන්න ලැබිලා තියනවා. අපි කියනවා ඒ මන්ත්‍රීවරුන්ට කරුණාකරලා ගෞරවය රැකගෙන දැන් තමන්ගේ මන්ත්‍රී පදවිවලින් ඉල්ලා අස් වෙන්න කියලා.
පක්ෂ නායකයින්ට අපි අවධාරණයෙන් මතක් කරන්න කැමතියි තමන්ගෙ පක්ෂවල නියෝජිතයන් තෝරනකොට මෙවන් අවනීතික පුද්ගලයින් තෝරා ගන්න එපා කියලා. මෙවන් නඩු තීන්දුවලින් හැම දෙනාම පාඩම් ඉගෙන ගත යුතුයි.