පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ නතතුරු දැරීමට නුසුදුසු සජිත් ප්‍රේමදාස සහ රන්ජිත් මද්දුමබණ්ඩාර යන දෙදෙනාත් වෙනත් නුසුදුසු පුද්ගලයෙනුත් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැර සුදුසු පුද්ගලයින් පත් කරගෙන පක්ෂය දිගටම පවත්වා ගන්නා බව සමගි ජන බලවේගය බවට පත් කල අපේ ජාතික පෙරමුනේ හිටපු සභාපති, සේනක ද සිල්වා අද (10) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ මේ වනවිටත් රන්ජිත් මද්දුමබණ්ඩාර සහ සජිත් ප්‍රේමදාසට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවය. නඩුව දිගටම පවත්වාගෙන ගොස් ඔවුන් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හරින බවය.
සේනක ද සිල්වා මෙසේ ද පැවසුවේය.
මමයි ඩයනා ගමගේයි තමයි සමගි ජන බලවේගය පක්ෂයට අපේ පක්ෂය ලබා දිලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පක්ෂයේ නායකයා කරලා ඩයනා ගමගේ ඉවත් වෙලා මහ ලේකම්කම රන්ජිත් මද්දුම බණ්ඩාරට ලබා දුන්නේ.
2020.02.03 දින අත්සන් කරලා එම තනතුරු ලබා දුන්නා.
ඒ වනවිට සජිත් ප්‍රේමදාස සහ රන්ජිත් මද්දුමබණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වෙලා හිටියේ. පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර ඔවුන් දෙදෙනා පක්ෂයට ගත්තා.
පක්ෂයට අරන් පක්ෂය මෙහෙයවන්නයි බලය දුන්නේ. අපි පක්ෂයේ යාවජීව සාමාජිකයො. ඊට පස්සේ මෙතුමා කළේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා මේ පක්ෂයේ සාමාජිකයෙක් නම් වෙනත් කිසිම පක්ෂයක ඉන්න බෑ, මේ පක්ෂයේ ඉන්නවා නම් මේ පක්ෂයේ විතරයි ඉන්න පුලුවන්, එහෙම නැතිනම් සියලු දෙනාගේ තනතුරු අහෝසි වෙනවා කියලා ක්ලෝස් එකක් ගත්තා.
දැන් ඒ ගොල්ල ඒ අයගේම වළ කපා ගත්තා. දැන් මේ පක්ෂ ව්‍යවස්ථාව අනුව කිසිම කෙනෙකුට පක්ෂ දෙකක ඉන්න බෑ. සජිත් ප්‍රේමදාසටවත්, රන්ජිත් මද්දුමබණ්ඩාරටවත් තව දුරටත් මේ පක්ෂයේ ඉන්න බෑ, එකම එක්කෙනාටයි ඉන්න පුලුවන්. හර්ෂ ද සිල්වාට. ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වෙලා තියනවා.
අපි ඒ අයට විරුද්ධව නඩු දාලා තියනවා. අපි නඩුව දිගටම ගෙනියනවා. පක්ෂය තහනම් වීමක් වෙන්නේ නෑ. මෙතුමාලගේ තනතුරු අහිමි කරලා අපට අවශ්‍ය මිනිස්සු දාගෙන අපේ පක්ෂය ඉස්සරහට ගෙනියනවා.