අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම ඩුබායිහි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇතැයි විමර්ශන අංශ පවසයි.
ඝාතනය වී තිබුණේ අහුංගල්ල මරදාන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා සිය නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.
ඝාතනය කළ පුද්ගලයාට වෙඩි ප්‍රහාර 5 ක් එල්ල වී ඇති අතර ඉන් උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට ද එල්ල වී තිබූ බව සඳහන් වේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය.
දැනට ඩුබායිහි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පියෙක්වන කීර්තිසේන ආබෲ නැමැත්තා පසුගිය 08 වැනිදා ඝාතනය කිරීමට පළි ගැනීමක් වශයෙන් ඩුබායිහි සැඟවී සිටින ඔහුගේ පුතා මෙම ඝාතනය මෙහෙයවා ඇති බව විමර්ශන අංශ කියයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුගේ පියාවන කීර්තිසේන ආබෲ පසුගිය 08 වැනිදා ඝාතනය කර තිබුනේ අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ දී ය.







