බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවට කුලී හේවායන් ජාවාරම් කළ හිටපු මේජර් ජනරාල් රණරාජා රණවක පහත් වැඩේ කර ඇත්තේ කීර්තිමත් හමුදා නිලධාරී ප්‍රසන්න රණවකගේ නම විකුණලා… සී.අයි.ඩි.ය හෙළි කරගනී!

by editor
මැයි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විශ්‍රාමික යුද හමුදා සෙබලුන් රුසියානු කුලී හමුදා ශ්‍රමිකයින් සේ කුලී සේවයට යැවීමේ මහ මොළකරුවෙක් ලෙස ඊයේ (08)  රාත්‍රියේ කුරුණෑගල වැව රවුමේ දී අත් අඩංගුවට ගත් විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල්වරයෙක් වූ  දැල්කඳුරේ ආරච්චිලාගේ  රණරාජා රණවක මෙම පාදඩ ජාවාරම සිදුකර ඇත්තේ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙක් වූ මේජර් ජනරාල් ප්‍රසන්න රණවක ලෙස පෙනී සිටිමින් බව මේ වනවිට හෙළිදරව් වී තිබේ.

ඔහු රුසියානු හමුදාවට කුලී හේවායින් ලෙස විශ්‍රාමික යුද හමුදා සෙබලුන් බඳවා ගැනීමේ දී මුලින්ම තමන් හඳුන්වා දී ඇත්තේ මේජර් ජනරාල් රණවක ලෙසය. ඒ අවස්ථාවේ දී මෙම සෙබලුන් ඔහුගෙන් තමන් ප්‍රසන්න රණවක දැයි විමසන විට එම මේජර් ජනරාල්වරයා තමන් ප්‍රසන්න රණවක බව ප්‍රකාශ කර ඇත. ඔහු පිළිබඳව ඇති වූ විශ්වාසය මත මෙම හිටපු හමුදා සෙබලුන් වැඩිමනත් පිරිසක් දැලට පටලවා ගැනීමට ජාවාරම් කරුවන්ට හැකි වී තිබේ.

මේ වනවිට රුසියානු කුලී  යුද හමුදා සේවයෙන් පැන විත් මේ වංචාව හෙළි කරන  විශ්‍රාමික සොල්දාදුවන්  බුද්ධි අංශවලට කටඋත්තර ලබා දී ඇත්තේ ද තමන් මෙම ජාවාරමට කොටුකළ ප්‍රධානම විශ්‍රාමික මේජර් ජනරාල්වරයා ප්‍රසන්න රණවක බවය. ඔහු නැවතී ඉන්නේ කුරුණෑගල වැව රවුමේ නිවසක බව ද වැඩිදුරට ඔවුන් හෙළි කර ඇත.

ජාවාරමට හසුවූ හිටපු සොල්දාදුවන් ලබා දෙන තොරතුරු  මත මේජර් ජනරාල් ප්‍රසන්න රණවක නමින් පෙනී සිටින පුද්ගලයා  අත් අඩංගුවට ගැනීමට සියලු සැලසුම් සකස් කර හිටපු මේජර් ජනරාල්  ප්‍රසන්න රණවක කටුනායක ගුවන්තොටුපලින් පිටවී ගියහොත් අත් අඩංගුවට ගැනීම සඳහා ඊයේ (09) කටුනායක ගුවන් තොටුපල ද දැනුම්වත් කර තිබී ඇත.

ඒ අනුව විශ්‍රාමික හමුදා ජෙනරාල් රණවක නැමැත්තෙක්     සහ සාජන් මේජර්වරයකු   අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ  , වෙළෙඳාම් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිපලයක් ලෙස ඊයේ (08) රාත්‍රියේ කුරුණෑගල  වැව රවුමේ නිවසක දී  අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අවස්ථාවේ දී ද මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ මේජර් ජනරාල් ප්‍රසන්න රණවක නමිනි.  පොලිස් පොත්පත්වල ද සඳහන් වී තිබී ඇත්තේ මේජර් ජනරාල් ප්‍රසන්න රණවක නැමැති නමය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත් අද (09) උදෑසන සිදුකළ වැඩිදුර විමර්ශනයක දී හෙළි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ පුද්ගලයා නොමග යවා ඇති බවය. ජාවාරම් කරු විශ්‍රාමික මේජර් ජනරාල් දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජා රණවකය.  අද රටේ සියලුම ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මේජර් ජනරාල් ප්‍රසන්න රණවක රුසියාවට කුලී හේවායන් සැපයීමේ අපරාධයට අත් අඩංගුවට ගෙන ඇති බවය.

යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියෙක් වූ ප්‍රසන්න රණවක පාවා දෙමින් මිනිස්  ජාවාරම කළ මේ   පහත් හමුදා මේජර් ජනරාල්වරයාගේ මාෆියා කල්ලිය ඇතුළු විවිධ කණ්ඩායම්   කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 500කට වැඩි පිරිසක් පසුගිය කාලය පුරා රුසියාවට යවා ඇති බව හෙළිව ඇත. ඔවුන් අතරින් හය දෙනකු මේ වනවිට මියගොස් ඇති බවත් 25කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් අනාවරණය වී  තිබේ. ජාවාරමේ යෙදුන අනෙක් කණ්ඩායම් ගැන ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.  ඔවුන් අතර ද හමුදාවේ ඉහළම නිලතල දැරූ පුද්ගලයින් සිටින බව විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

ඔවුන් මෑතකදී 150ක පමණ පිරිසක් රුසියාවට යවා ඇති අතර, එම පිරිස පුහුණු කඳවුරක රඳවා ගෙන සිටින බවද එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කර ඇත. විශ්‍රාමික හමුදා මේජර් ජනරාල් රණරාජා රණවක ඇතුළු  සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුල්  විමර්ශන තොරතුරු අනුව ලංකාසර ද වාර්තා කරනු ලැබුවේ මේ ජාවාරමේ මහ මොළකරු මේජර් ජනරාල් ප්‍රසන්න රණවක බවය.  එම කීර්තිමත් හමුදා නිලධාරියා මේ ජාවාරමට සම්බන්ධ නැති බව දැන් හෙළි වී තිබේ. ඔහු සම්බන්ධව පල වූ වාර්තාවෙන් ඔහු පත් වූ අපහසුතාවය පිළිබඳ ලංකාසර කණගාටුව පල කරයි. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විභාග මධ්‍යස්ථාන භූමියකට ඇතුළු වී සිසුවෙකුට පහර දුන් තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට !

Next Post

ඩයනාගෙන් හිස් වන මන්ත්‍රි ධුරයට මුජිබර් පත් කළ ගැසට් නිවේදනය අද නිකුත් වෙයි !

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.