පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ගේ මන්ත්‍රි ධුරය අහෝසි වීමෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රි ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ මුජිබර් රහුමාන් නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය අද නිකුත්කර තිබේ.
ඩයනා ගමගේට බ්‍රිතාන්‍ය පුරවැසි භාවයක් තිබෙන බැවින් ඇයට ව්‍යවස්ථානුකූලව මන්ත්‍රි ධුරයක් දැරිය නොහැකි බව ට සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයට මන්ත්‍රි ධුරයක් සඳහා සුදුසුකමක් නොමැති බවට තීන්දුව ඊයේ (8) ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරයට සමගි ජන බලවේගය විසින් මුජිබර් රහුමාන් නම් කරන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් අතර මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.