දිනසේන රතුගමගේ –
යාපනය – පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් ඊයේ ( 9 ) මියගොස් තිබේ.
සිවඥානම් ජයකුමාර් (45) නැමති මොහු දහවල් මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට නිවසට පැමිණ සිටියදී මිදුලේ වැටී තිබේ.
ඇගේ දියණිය ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සිහිසුන්ව සිටි නිසා වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇත.
රෝහලට ඇතුළත් කොට ස්වල්ප වේලාවකදී ඔහු මියගොස් තිබේ.
මියගිය අයගේ මෘත ශරීරය යාපනය ශීෂණ රෝහලට යවා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අධික රශ්මිය නිසා ඔහු විජලනයෙන් මියගොස් ඇති බවය.
මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස තෙලිප්පලෙයි පොලීසිය විසින් පවුලේ ඥාතීන් වෙත බාර දී තිබේ.
මේ වන විට යාපනය අර්ධ ද්වීපයේ පුද්ගලයින් හය දෙනෙකු අධික රශ්මිය හේතුවෙන් මියගොස් තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කලේ මේ වන විට ඉන්දියාවේ අධික රශ්මිය නිසා මියගොස් ඇත්තේ පුද්ගලයින් 9 දෙනෙකු පමණක් වූවත් ජනගහනය අනුව සලකා බලන විට යාපනයෙන් මියගිය සංඛ්‍යාව ඉතා ඉහල අගයක් බවයි.