මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (10) දිවුරුම් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ට මන්ත්‍රි ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග පුරප්පාඩු වූ එම මන්ත්‍රි ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් මුජිබර් රහුමාන් නම් කර තිබිණි.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (9) මීට අදාල ගැසට් නිවේදනය නිකුත් කළේය.