ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පළාත් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දිගින් දිගටම සිදුවුණු නාටක මාලාවක් කෙටි විරාමයකින් පසුව නැවත රඟදැක්විමක් වගේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සඳහන් කරයි.
ඉදිරිපෙළේ සිටින නායකයින් කීපදෙනෙකු තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් සදහා අනෙකුත් සෞඛය සේවකයින් වැඩ වර්ජනයට කැඳවා ගෙන යන අන්දම මෙහිදී මනාව පැහැදිලි වන්නේ යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දෙයි.
වෛද්‍යවරුන්ට පමණක් ආවේනික DAT චීමනාව අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ටත් ලබා දෙන ලෙස ඉල්ලීම නීති විරෝධී සහ සදාචාර විරෝධී බැවින් මෙවැනි වැඩ වර්ජනයන් හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් ජනතාව ඉදිරියේ ද්වේෂයට ලක්වන බව හෙතෙමෙ පෙන්වාදේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා යම් දායකත්වය ලැබීම කෙරෙහි සංගමයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ඔවුන් තමන්ට අනන්‍යවූ දීමනාවන් ලබා ගැනීමට කටයුතු කරනවා වෙනුවට වෛද්‍යවරුන්ට හිමි දීමනාවන් ලබා ගැනීමට කටයුතු කිරීම විහිළුවක් බවත් වෛද්‍ය චමිල් පෙන්වාදේ.
වර්ජනයට සහය දක්වනා සෞඛ්‍ය වෘත්තීය සමිති 72න් විශේෂ රාජකාරී දීමනාවන් ලැබෙන්නේ වෘත්තිය සමිති 45ට පමණක් නමුත් ඔවුන්ද මෙම වැඩ වර්ජනය සහාය දක්වන බවද වෛද්‍යවරයා පවසා සිටියි.