ශ්‍රියානි විජේසිංහ –
කොතලාවල රෝහල පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 35ක ණය මුදලක් රජය ගෙන තිබනෙ බැවින් එම මුදල පියවා ගැනීමට කොතලාවල වෛද්‍ය පීඨයට පෞද්ගලික වෛද්‍ය ශිෂ්‍යයන් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සබරගමු වෛද්‍ය පීඨය ආරම්භ කරන විට අයවැයෙන් වෙන් කළේ රුපියල් මිලියන 100ක මුදලක් බවත් මොරටුව විශ්ව විද්‍යාලය ආරම්බ කරන විට වෙන් කලේ රුපියල් මිලියන 75 ක මුදලක් බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වාදේ.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පමණක් වන අතර එම අයිතිය උල්ලංඝණය කරමින් පුවත්පත් දැන්වීමට පල කිරීමට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට හෝ, කැබිනට් මණ්ඩලයට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ නෛතික බලයක් නැති බවත් මේ නීතියට මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට උඩින් සිටින්නේ කවරෙක් ද යන්න දැනගනු රිසි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍ය අධ්‍යාපනය තව දුරටත් පුළුල් කරන්නේ නම් ඊට කලින් වෛද්‍ය විද්‍යාත්මක පදනමක් සහිත ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් එසේ නොමැතිව වුවහොත් ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට අද සිදුවී තිබෙන දෙයම අපටද සිදුවිය හැකි බවත් වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.
.