හිටපු ක්‍රිකට් පරිපාලයකු වන තිලංග සුමතිපාල ද වේව් මේකර් ((Wave maker) නමින් පසුගිය සිකුරාදා පොතක් එළිදැක්වූයේය. කොළඹ තරු හෝටලයක පැවති මෙම උත්සවයට සහභාගි වූ ක්‍රිකට් තරු අතර කැපි පෙනෙන අයකු වූයේ පාකිස්තාන හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම නායකයකු වන වසීම් අක්‍රම්ය.
ඔහු වර්තමානයේ ක්‍රිකට් ගැන සභාව කුල්මත් වන ප්‍රකාශයක් දෙකක් කළේ ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහගේ ප්‍රශ්න කිරීම් හමුවේය.
එහිදී වසීම් අක්‍රම් 90 දශකයේ ක්‍රිකට් සහ වර්තමානයේ ක්‍රිකට් ගැන මෙවැනි සඳහනක් කළේය.
“ 90 දශකයේ ඉඳන් බැලුවම අද ක්‍රිකට් බොහෝ දුරට වෙනස් වෙලා . අද ක්‍රිකට්වල බොහෝ දේ සිද්ධ වෙනවා. තරග වැඩියි. මේ දවස්වල අපිටවත් බලා ගන්න බෑ කවුද සෙල්ලම් කරන්නේ කවුද නැත්තේ කියල. ඒ තරමට ක්‍රිකට් තිබෙනවා. එය ක්‍රිඩාවට හොඳයි. ඒ වගේම මුදල් අතිනුත් හොඳයි. නමුත් මම හිතන්න අපි හැම විටම ක්‍රිකට්වලත් ගුණාත්මක බව ගැන ප්‍රමාණාත්මක බව ගැන වඩා බලන්න ඕන.“
ශ්‍රි ලංකාව සහ පාකිස්තානය අතර තරගවලදී වගේම තරගයෙන් පිටතදීත් ඉතා දැඩි සහයෝගීතාවක් සම්බන්ධතාවක් තිබුණා. අපි ක්‍රිඩාවෙන් පිටතදී ඉතා සතුටින් සාමිචියෙන් ඇසුරු කළා. නමුත් තරගය තුළදී එය වෙනස්. මෙතන ඉන්න අරවින්ද ද සිල්වා මගේ පන්දු යැවීම හමුවේ පහර දෙන විට ඒ තත්ත්වය වෙනස්. ඔහු අපට හයේ ඒවා හතරේ ඒවා ගහන කොට ඔබට හිතා ගන්න පුළුවන්.
රොෂාන් අබේසිංහ – මම දැකල තිබෙනවා ඔබේ පන්දුවලට අරවින්ද සිල්වා පහර දෙනකොට ඔබේ තොල් සෙලවෙනවා. මොනවද ඒ කියන්නේ?
වසීම් අක්‍රම් – කෙටියෙන්ම කියනවා නම් ඒ කියන්නේ බෙන් ස්ටෝක්ස් කියල හිතා ගන්න. ඒත් ඒ අරවින්දට අපි කියන්නේ නරක වචනයක් ඒක කියන්නේ උරුදුවලින්. ඔබ ඒ වචනය ගූඋගල්වලින් හෙව්වොත් දැන ගන්න පුළුවන් වෙයි.
මුළු සභාවම සිනා ගැන්විණි.