ශ්‍රියානි විජේසිංහ –
පූර්වයේ ඇති වූ එකඟතාවය ප්‍රකාරව ඇමරිකානු ඩොලර් 58000ක් වටිනා ඖෂධ තොගයක් ඉදිරි සතිය තුළදී පරිත්‍යාගයක් ලෙස බංග්ලාදේශ රජය විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමනු ඇත.
මෙම ඖෂධ තොගය අතර අත්‍යවශ්‍ය ඖෂධ 54ක් තිබෙන බවත් මේ අතර පිළිකා සහ වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධද තිබෙන බවත් වාර්තාවේ.
මෙම ඖෂධ තොගයට අමතරව බංග්ලාදේශ් රජය ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ තොගයක් ආධාරයක් ලෙස මෙරටට ලැබීමට නියමිත බව බංග්ලාදේශ් මහකොමසාරිස්වරයා සඳහන් කරයි.
ශ්‍රි ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ඖෂධ තොගය කඩිනමින් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ බංග්ලාදේශ් රජය විශේෂ ස්තූතිය පිරිනමන ලදි.
දැනට පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස බංග්ලාදේශ් රජය සමග දිගුකාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාව පිලිබඳ ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.