බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට ඩොලර් එවූ ශ්‍රී ලාංකිකයින් ගෙන්වූ වාහන රඳවාගත් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට  සිද්ධ වෙච්චි දේ!

by editor
නොවැම්බර් 2, 2023
in පුවත්
Customs
Share on FacebookShare on Twitter

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නීත්‍යානුකූලව මෙරට විදේශ විනිම සංචිතය ඉහළ දැමීමට විදේශ විනිමය එවූ ශ්‍රී ලංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ(01) අතුරු නියෝගයක් නිකුත් කළේය.

තම සමාගම විසින් නීත්‍යානුකූලව ආනයනය කළ විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට එරෙහිව ඕවර්ලෑන්ඩ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස්ගෙන්   සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්  කළේය.

ඊට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දහම් පෙරේරා හෝ එම සමාගමේ කිසිදු නියෝජිතයකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් විනිසුරු මඩුල්ල විසින් තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

වාහන ගෙන්නුවේ කොහොම ද?

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා   අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ආකාරයෙන් කටයුතු කර තිබෙන අතර රේගුව සමග ඉතා විශ්වාසවන්ත ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

2022 වසරේ අගෝස්තු මස 31 වනදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විසින් ගෙන්වන ලද විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීති විරෝධී යැයි පවසමින් ඒවා මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමට රේගුව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම ක්‍රියාවලිය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

කප්පම් ඉල්ලා ජීවිත තර්ජන

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කර සිටියේ තමන්ගේ ජීවිතයට ද තර්ජනයන් එල්ලවූ බවයි. ඒ අනුව ජුනි මාසය ආසන්නයේදී කප්පම් ඉල්ලමින් තර්ජන එල්ල වූ බවද ඔවුන්  අධිකරණයට දැණුම් දුන්නේය.

එහිදී රුපියල් කෝටියක කප්පමක් ගෙවන ලෙසට දුරකථන ඇමතුම් ලැබනු බවත් එසේ නොමැති නම් පෙත්සම්කරුගේ ජීවිතය අනතුරක් සිදුවිය හැකි බවටද තර්ජනය කර ඇත. එමෙන්ම පෙත්සම්කරු එසේ කප්පම් නොගෙවන්නේ නම් ශ්‍රී ලංකා රේගුවේ වැටලීම්වලට ලක්වීමට හැකි බවටද තර්ජනය කර ඇති බව පෙත්සම්කරුවන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කරනු ලැබීය.

ඒ අනුව තර්ජනයේ ස්වභාවය සහ වෙනත් වාණිජ ආයතන ඇතුළු බොහෝ පුද්ගලයන් මෙම අසීරු තත්ත්වයන් තුළ පෙත්සම්කාර සමාගමේ සාර්ථකත්වය පිළිබඳ අප්‍රසාදය පළ කරන බව හොදින්ම දැන සිටීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද පෙත්සම්කරුවන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කළේය.

තමන්ට එල්ලවන තර්ජනයන් නොතකා තම ව්‍යාපාර කටයුතු කරගෙන ගිය බවත් ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේකය ප්‍රකාරව විදුලි මෝටර් රථ 7ක් ආනයනය කළ බවත් පෙත්සම්කරුවෝ පැවසූහ.

රේගුව විසින් ප්‍රදර්ශනාගාරය වැටලීම

මේ අතර ඔක්තෝම්බර් 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයේදී පළමු හා දෙවන වග උත්තරකරුවන් වන රේගු අධ්‍යක්ෂක ජනරාල් පී.බී.එස්.සී නෝසින්, නියෝජ රේගු අධ්‍යක්ෂ එස් ලුක්මාන් හෝ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ  ඒ.පී.ඒ.එස්. පී පෙරේරා යන පාර්ශවයන් සියලු දෙනා හෝ ඉන් ඇතැමෙක්ගේ අධිකාරිය යටතේ ක්‍රියා කරන නිලධාරීන් පෙත්සම්කාර පාර්ශවයගේ  ප්‍රදර්ශනාගාරය වටලා විදුලි වාහන 7ක් ආනයන කිරීමට අදාල ලිපි ලේඛණ ඔවුන් සන්තකයේ තබා ගත් බවද පෙත්සම්කාර පාර්ශවයන් විසින් අධිකරණට දැණුම් දෙනු ලැබීය.

අදාල සිදුවීම වූ දිනයේම රාත්‍රී 11 ට විදුලි වාහනයට අදාල ලිපි ලේඛන තමන් සන්තකයේ තබා ගත් එක් නිලධාරියකු විසින් එක් පෙත්සම්කාරුවකු වන පෙත්සම්කාර සමාගමේ සේවකයකුගෙන් අදාල වාහන 7  ප්‍රදර්ශනාගාරයේ පරිශ්‍රයෙන් පිටතට ප්‍රවාහනය නොකරක බවට සඳහන් කරන ලිපියන් ලබා දෙන ලෙසටද ඉල්ලීම් කර ඇති බව පෙත්සමකාර පාර්ශවයන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කරනු ලැබීය.

මේ අතර ඉකුත්  ඔක්‌තෝබර් 27 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ශ්‍රී ලංකා රේගුව මගින් අදාල වාහන 7 සම්බන්ධයෙන් සිදු කළ බව කියන පරීක්‍ෂණය වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර පාර්ශවයක්  පළමු  වගඋත්තරකරු වන රේගු අධ්‍යක්ෂක ජනරාල් පී.බී.එස්.සී නෝසින් හට ලිපියක්ද යොමු කළ බවද  පෙත්සම්කරුවෝ අධිකරණය ඉදිරයේ පැවසූහ.

මෙම වැටලීම සම්බන්ධයෙන් පළමු,දෙවන හා තෙවන වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ උපදෙස් වලට අනුව කටයුතු කරනු ලබන පාර්ශවයන් විසින් මාධ්‍යට තොරතුරු ලබාදීමට කටයුතු කර ඇති බවද පෙත්සම්කරුවෝ අධිකරණයට දැණුම් දුන්හ.

මඩ ප්‍රහාර

එහිදී ශ්‍රී ලංකා රේගු භාරයට ගත් වාහන 7ට අදාළ ලිපි ලේඛන තමභාරයට ගැනීම සම්බන්ධයෙන් ජාතික පුවත්පත් මගින් ප්‍රචාරය කළ බව පෙත්සම්කරුවෝ පවසති.

ඉන් අනතුරුව ඔක්‌තෝබර් 23 ජාතික පුවත්පතක සිරස්‌තලයක් සහිතව විශේෂයෙන් සඳහන් කර තිබුණේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේකය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විද්‍යුත් වාහන 70කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති බවත් පෙත්සම්කාර සමාගම මහා පරිමාණ බලපත්‍ර වංචාවකට සම්බන්ධ බවත්ය.

ශ්‍රී ලංකා රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ අවශ්‍යතාවය මත මාධ්‍ය වෙත ඉහත තොරතුරු ජාතික පුවත්පකට ලබාදී ඇති බවට සැකයක් පවතින බවත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරනයට වැඩිදුරටත් දැණුම්දී තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක කුසලාන ගැන හිතන්නවත් එපා… අභිමානය වෙනුවෙන් තරග වදින්න…

Next Post

ශ්‍රී ලංකාවට බංගලාදේශ රජයෙන් ඩොලර් පනස් අට දාහක ඖෂධ පරිත්‍යාගයක්… තවත් ඩොලර් මිලියනයක ඖෂධ ආධාර ඉදිරියේ දී!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.