නිශානි අත්තනායක –
රෝගීයාගේ මළ ද්‍රව්‍ය තුළ ඇති RNAජාන අණු භාවිතා කර සිදුකරන මහා බඩවැලේ පිළිකා හඳුනා ගැනිමේ පරීක්ෂණයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන FDA, සෞඛ්‍ය අධිකාරිය පළමු වතාවට අනුමැතිය ලබා දි තිබෙ. එසේම FDA විසින් මහා බඩවැලේ පිළිකා සඳහා අණුක රෝග විනිශ්චය පරීක්ෂණයක් සඳහා අනුමැතියක් නිකුත් කළ දෙවන අවස්ථාව ලෙස වෛද්‍ය ඉතිහාසයේ සනිටුහන්වේ.
මේ පිළිකා පරීක්ෂණ සඳහා යොජිත උපකරනය පෙරළිකාර උපකරණයක් ලෙස නම් කර ඇත. ColoSense, ලෙස නම් කර ඇති මෙ උපකරණය – මහ බඩවැලේ පිළිකා වර්ධනය වීමේ සාමාන්‍ය අවදානමක් ඇති වයස අවුරුදු 45 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා අනුමත කර ඇත.
මේ වන තුරු ඓතිහාසික වශයෙන් මහා බඩවැලේ පිළිකා පරීක්ෂාව සඳහා රන් ප්‍රමිතිය වී තිබුණේ ගුදය ඔස්සේ කැමරාවක් යවන බොහෝ දෙනා අකමැති සහ අපහසුවට පත්කළ colonoscopy පරික්ෂාවයි.
වසර දහයකට පෙර, මේ සඳහා ආක්‍රමණශීලී නොවන හානියඅවම විකල්පයක් මතු විය. ඒ රෝගීයාගේ, මළපහ තුළ රුධිරය පරීක්ෂා කරන පරීක්ෂණයකි.එයද FDA අනුමැතිය ලබා ඇති අතර රෝගය හඳුනා ගැනීම සඳහා DNA භාවිතා කරන පළමු ආක්‍රමණශීලී නොවන මහා බඩවැලේ පිළිකා පරීක්ෂණය බවට එය පත් විය. දැන් ලොව මුල් වතාවට RNA ජෛව සලකුණු භාවිතා කර පිලිකා සොයන පරීක්ෂණය සඳහා මුල් වරට අනුමැතිය ලැබී තිබේ.