සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල පොලිස් වසමට අයත් හම්බෙගමුව සීනුක්ගල ගල ප්‍රදේශයේදි හෙරොයින් ජාවාරමේ යෙදුනු 29 හැවිරිදි අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 80ක පමණ වටිනාකමකින් යුතු හෙරොයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමග තණමල්විල පොලිසිය විසින් ඊයේ (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීනුක්ගල,හම්බෙගමුව පදිංචි 29 හැවිරිදි අඹු සැමි යුවලක්. ඔවුන් දෙපල සමග අත්අඩංගුවට පත් කානත්වගේ 24 හැවිරිදි බාල සහෝදරයාත් පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.
තණමල්විල පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අඹුසැමි යුවල පදිංචි නිවස තණමල්විල පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් පරීක්ෂා කිරීමේදි එම නිවසේ තිබී හෙරොයින් මත් ද්‍රව්‍ය සමග අඹු සැමි යුවල පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කර තිබේ.
එහිදී අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව පවසා ඇත්තේ සිය 24 හැවිරිදි බාල සහෝදරයා විසින් මෙම හෙරොයින් ජාවාරම සිදු කරන බවයි. ඒ අනුව එම පුද්ගලයාද හම්බෙගමුව ප්‍රදේශයේදීම පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඔහුගේ නිවසද පරික්ෂා කර ඇත. එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හා සැකකාරියගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී හෙරොයින් ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට පොලිසිය සමත් වි තිබේ. අත්අඩංගුවට පත් කාන්තාවගේ 24 හැවිරිදි සොහොයුරා මෙහි ප්‍රධාන ජාවාරම්කරු බවට පොලිසිය හදුනාගෙන තිබේ .එමි පුද්ගලයාට එරෙහිව ගව සොරකම්, සූදු පොලවල් පවත්වාගෙන යාම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධ චෝදනා පවතින බවද මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත.
එමෙන්ම ප්‍රධාන ජාවාරම් කරුට මිට පෙර හම්බෙගමුව ප්‍රදේශයේදිම වෙනත් පාර්ශවයක් විසින් වෙඩි තැබිමක්ද සිදුකර ඇති අතර එහිදී ඔහු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබා සුව විමෙන් පසු යළි මෙලෙස ජාවාරම්වල නිරතව තිබේ.
සැකකරුවන් තිදෙනා සතුව තිබූ හෙරොයින් මත් කුඩු ප්‍රමාණය ග්‍රෑම් 200ක් වන අතර එය මැතකදි මොණරාගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට පත් වැඩිම හෙරොයින් ප්‍රමාණය මෙය බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍රශ්න කිරිම සදහා රැදවුම් නියෝග ලබා ගැනිමට නියමිතය.
මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය ,තණමල්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාරගේ උපදෙස් පරිදි තණමල්විල පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවැත්වෙයි.