මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල ආසන්න්නයේ තිබූ වට අඩි 15ක් පමණ වූ විශාල මාර ගසක් අද (02) පස්වරු 4.00 ට පමණ කඩා වැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් සහ කාන්තාවක් බරපතල තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත.
ගස වාහන තුනක් යටකරමින් අසල තිබූ පෙට්ටි කඩයක් මතට ද ඇද වැටෙන විට මිය ගිය පුද්ගලයා හා තුවාල ලැබූ දෙදෙනා එම පෙට්ටි කඩය අසල සිට ඇතැයි ඇසින් දුටුවෝ කියති.
ගස කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතිය ද එක්වරම බිඳ වැටීම නිසා තුවාල ලැබූ තිදෙනාට විදුලි සැර වැදිමේ අවදානමක්ද තිබුණු බව ප්‍රදේශවාසීහු කීහ.
අනතුරින් දැඩි හානි සිදුවූ වෑන් රථයක සිටි අඹුසැමි යුවළක් හා ඔවුන් ගේ වයස අවුරුදු තුනක් වන දරුවා නිරුපද්‍රිතව බේරී තිබේ. ත්‍රිරෝද රථයකට හා යතුරු පැදියකට ද සිද්ධියෙන් හානි සිදුව තිබේ.