බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් ඇති… උඹලා මළ ගෙවල්වල බූරු ගහපල්ලා…

by editor
නොවැම්බර් 2, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මේ මොන කුණුහරපයක් දැයි දැන් අපි කල්පනා කරමු.  මුං පිච් එක මැදට පැමිනියේ ගංජා ගසා දැයි විමසනවා හැරෙන්න වෙන කරන්නට දෙයක් නැත.

ටොස්ට් එක දිනුවොත් බැට් කරන්න හිටි බව කීවේ රෝහිත් ෂර්මාය.  අපේ එකා ටොස්ට් එක දිනා උන්ට බැට් කරන්න දුන්නේය.  ඉන්දියාව ලකුණු 357කි. ඩිල්ෂාන් මධුශංක කඩුළු 05ක් ලබා ගැනීම හැර ඒ ඉනිමේ වෙන කිසිම වැදගත් දෙයක් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් සිද්ධ වූයේ නැත. ඉන්දියාව හතර හන්දි කැඩෙන්නට නෙලුවේය. එච්චරය.

ශුබම්න් ගිල් සහ කෝලි පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුනු 189ක සම්බන්ධතාවය අතර…

ඉන්දියාව හමුවේ අවසන් වරට ලකුණු 50කට ඕල් අවුට් වී ලෝක වාර්තාවක් තැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ ලෝක වාර්තාව ලෝක කුසලාන තරගාවලියේ අලුත් කර ඇත.  පන්දු ඕවර 18ක් තුළ ලකුණු 55කට සියල්ලෝ දැවී ගොස්ය.  ලකුනු 302කින්  මැච් එක පරාදය.

කණ්ඩායමේ බිංදු 05කි. ඉන් තුන් දෙනෙක් දැවී යන්නේ පළමු පන්දුවේදී ය.  පැතුම් නිශ්ශංක පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.  දිමුත් කරුණාරත්නත් පළමු පන්දුවේ දීම ලකුණු නොලබා දැවී ගියේය. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 01කි. සධීර සමරවික්‍රම ලකුණු  ලබා ගත්තේ නැත. චරිත් අසලංක ලකුණු 01කි. දුෂාන් හේමන්ත පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය. දුෂ්මන්ත චමීරත් ලකුණු ලබා ගත්තේ නැත. ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 12කි.

පළමු ක්‍රීඩකයින් 05 දෙනාම කණ්ඩායමට එක් කර තිබුණේ ලකුණු 02ක් පමණි.  පළමු ක්‍රීඩකයින් 06 දෙනාගෙන්ම එල්ල වී තිබුණේ එක් හතරේ පහරක් පමණි. ඒ ලකුණු 12ක් ගත් ඈන්ජලෝ මැතිව්ස්ගෙනි.   මුළු ඉනිමටම එල්ල වි තිබුණේ  හතරේ පහර 05කි.  කණ්ඩායමේ වැඩිම ලකුණු ලකුණු 14ය. ඒ කසුන් රාජිතගෙනි. ලකුණු 55ට සියල්ලෝ දැවී යන්නේය. ඉන් ලකුණු 10ක් අමතර ලකුණුය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙහොමඩ් ෂාමි පන්දු ඕවර 05ක් යවා ලකුණු 18කට කඩුළු 05ක් දවා ගත්තේය. මොහොමඩ් සිරාජ් පන්දු ඕවර 07ක් යවා ලකුණු 16ට කඩුළු 03කි.  බුම්රා පන්දු ඕවර 05කික ලකුණු 08කි. කඩුල්ලකි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 04ට කඩුළු 01කි.

පරාද වෙන බව දන්නේය. අපි ඉල්ලුවේ විලි ලජ්ජා නැතිව කතා කරන්න පුලුවන් පරාජයකි. ඒත් පිච් එක මැද්දේ උන් ඇඳුම් ගලවා නිරුවත් වුනා පමණක් නොව අපි හැමෝම අද ඉන්දියාවේ පාරවල් දිගේ හෙළුවෙන් ඇවිද්වූයේය. කෝටි දෙක්ක නියෝජනය කරන්න ලෝක කුසලානයට යැව්වේ මුං නම්  මේ වගේ උන් ජින්තුපිටියෙනුත් සොයා ගත හැකිය.

හයි ප්‍රෆෝමන්ස් මහෙල ඇතුළු පුහුණුකාර නඩයගෙන්   මෙන්ම නායකත්වයත් වෙනස් කරමින්   අවසන් මොහොතේදීත් ජිල් ගැසූ නල්ලමලේ තේරීම් කමිටුවගෙන් අහන්නට ඇත්තේ  උඹලා ඉන්නේ යටට ඇඳලාද කියාය.

එක අතකින් අපි දෙවැනියට බැට් කළ එක හොඳය. අඩුම ගානේ බලන උන් ඕවර් 50කට වඩා මැච් එක බැලුවේය.  අපි මුලින් බැට් කළා නම් මැච් එකක් බලන්නට ඉඩ ලබා නුදුන් කාලකණ්ණිකමට   ගුටි කන්නේ මැච් බලන්න ආපු ඉන්දියානු නරඹන්නන්ගෙන්ය.

උන් අපි තරම් ඉවසන්නේ නැත.

දැන්නම් මේ ක්‍රිකට් හොඳටෝම ඇතිය.

උඹලා දැන් ක්‍රිකට් ගහන එක නවත්තලා මළ ගෙවල්වල බූරු ගහන්න පලයල්ලා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර – මහියංගන පාරේ වරාපිටියේ දී මාර ගසක් කඩා වැටී එක් අයෙක් මරුට… 02කට බරපතලයි!

Next Post

කෙළින්න පුලුවන් හැම පිස්සුවම කෙළ ලෝක කුසලානයෙන් විසි වී ගිය පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසන්න යයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.