ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අද කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බවත් ධනංජය ද සිල්වා අද තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලු සහගත බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කරයි.
මෙම කරුණු පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳවද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මීටත් වඩා අන්ත ලෙස ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දිත් අතාර්කක ලෙස පරාජය වෙද්දීත් දාං අදින්නා සේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් ඔබ්බමින්, නායකයන් වෙනස් කරමින් සිදුකළ ව්‍යසනයෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියෙනුත් ඉවත් වූ පසු දැන් කරුණු විමසා අහවල් දෙයක් කරන්නදැයි ශ්‍රි ලංකා ක්‍රිකට්වලට සම්බන්ද ඇතැම් පාර්ශව විමසා සිටී
අශ්වයා ගොස් ඇත්තේ ඉස්තාලයේ වහලයත් බිඳගෙන බැවින් දැන් දොර වසා අහවල් දෙයක් කරන්දැයී ඔවුහු ප්‍රශ්න කරති.