විදේශ ගත ව වෛද්‍ය විද්‍යාව හැදෑරූ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වන ERPN විභාගයේ දෙවන කොටස පසුගිය ජනවාරි මස 29 සහ 30 යන දෙදින පවත්වා ඇති අතර එහි ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර එක් සිසුවියක ට තම ප්‍රතිඵල දැන ගැනීමට හැකි වී ඇති බව අනාවරණය වී ඇත.
එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ දියණියක වන ඇය තමන් විභාගය අසමත් වී ඇත්තේ නිසි භාෂා පරිවර්තකයෙකු නොලැබීම හේතුවෙන් බවට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
එම පැමිණිල්ල මත, පවත්වන ලද සම්පූර්ණ විභාගය ම අවලංගු කිරීමට ලංකා වෛද්‍ය සභාව පියවර ගෙන ඇති බවට ලංකාසර වෙත විශ්වාසදායක ආරංචි මාර්ගයක් හරහා තොරතුරු ලැබී ඇත. සිසුසිසුවියන් 40 කට අධික පිරිසක් මෙම විභාගයට පෙනී සිට ඇති අතර එක් සිසුවියක් හේතුවෙන් සම්පූර්ණ විභාගය ම අවලංගු කර යළිත් එම විභාගය හදිසියේම එලඹෙන මැයි මස 14 සහ 15 යන දෙදින පැවැත්වීමට කටයුතු කිරීම නිසා එම සිසුන් මහත් අපහසුතාවයකට පත්ව ඇත.
එම සිසුන් මේ වන විට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි. එම ලිපියට අනුව වෛද්‍ය සභාව සිසුන් වෙත දන්වා ඇත්තේ නැගෙනහිර විභාග මධ්‍යස්ථානය වූ මඩකළපුව විශ්ව විද්‍යාලයේ පැවති විභාගය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ලබා දී තිබූ මගපෙන්වීම් වලට අනුව පවත්වා නොමැති බවයි. එසේ වුවද වෛද්‍ය සිසුන් පෙන්වා දී ඇත්තේ මඩකළපුව විශ්වවිද්යානයේ පැවති විභාගයේ දී තමන් කිසිදු අපහසුතාවයකට මුහුණ නොදුන් බවයි.
ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ඉතා කෙටි දැනුම් දීමක් මත තමන් එක් වරක් සාර්ථකව මුහුණ දුන් විභාගයකට නැවත සූදානම් වන ලෙස පැවසීම අසාධාරණ බවයි. එමෙන්ම මීට මාස 3ක ට පෙර තමන් මුහුණ දුන් විභාගය මෙලෙස අවලංගු කිරීම පිළිබඳව පූර්ව දැනුම්දීමක් සිදු නොකිරීම අත්තනෝමතික සහ අසාධාරණ බවයි. එබැවින් තම ප්‍රතිඵල අවලංගු නොකර කඩිනමින් ලබාදෙන ලෙසට මෙම සිසුන් ඉල්ලීම් සිදුකර ඇත.