අද දහවල් හොරණ නගරයේ දී කැබ් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැක කරන පුද්ගලයා සවස කටුනායක ගුවන් තොටුපළින් විදේශ ගත වීමට උත්සාහ කරද්දී එම ස්ථානයේ ආවේක්ෂණ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් විසින් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අද දහවල් 11.00 ට පමණ හොරණ ගොඩනැගිල්ලක සිට පිටතට පැමිණ කැබ් රථතයක ට ගොඩ වූ එම ප්‍රදේශයේ වයස අවුරුදු 35 ක් පමණ වන ව්‍යාපාරිකයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. මෙම වෙඩි තැබිමෙන් එම ව්‍යාපාරිකයා තුවාල ලැබ මේ වනවිට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එය සිදු කළ පුද්ගලයා පිළිබඳව මූලික විමර්ශණවලදී අනාවරණය වූ අතර ඔහු විදේශ ගත වන්නේ නම් එහි ස්වයංක්‍රීය ආවේක්ෂණ පද්ධතියට පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි අදාළ තොරතුරු දත්ත ලබා දී තිබූ බව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදු කරන ලද්දක් බවට අනාවරණය වී ඇති අතර වැඩි දුර විමර්ශණ සිදුවෙමින් පවතී.