මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය ආවරණය කරන්නට ශ්‍රී ලංකාවෙන් එහි ගිය මාධ්‍යවේදීන් පිරිසෙන් වැඩි දෙනෙක් එහි සිටින අපේ ක්‍රීඩකයන් හෝ කණ්ඩායම් නිලධාරීන් නොහඳුනන බවත් ඇතැමුන් කිසි දිනෙක දේශීය තරග ආවරණයක යෙදෙනු දැක නැති බවත් වාර්තා වේ.
ජාතික ඔලිම්පික් කමිටුව විසින් තෝරා ගත් ක්‍රීඩා මාධ්‍යවේදීන් 14 දෙනකු මේ වන විට ටෝකියෝ වෙත ගොස් ඇති අතර ඔවුන් එක් අයකුට ඔලිම්පික් කමිටුව මගින් රුපියල් මිලියන තුනක අනුග්‍රාහකත්වයක් ලබා දී ඇත.
මෙයට ටෝකියෝවේ හෝටලයක නවාතැන් පහසුව හා ගුවන් ප්‍රවේශ පත්‍රයද ඇතුළත් ය.
මීට අමතරව දින 21 කට දිනකට ඩොලර් 100 බැගින් ඩොලර් 2100 ක් දීමනාවක් ලෙස ලබා දී තිබේ.
මෙසේ ගිය එක් මාධ්‍යවේදියෙක් සතිපතා ඉංග්‍රීසි පුවත් පතක ප්‍රධාන කර්තෘ වරයාය.
ඔහු මීට පෙර කිහිප වතාවක් ජාතික ඔලිම්පික් කමිටුවේ වරප්‍රසාද භුක්ති විඳිමින් පුහුණුකරු, නිලධාරී යන නම් වලින් ඔලිම්පික් ගොස් තිබීම විශේෂත්වයකි.
මෙරට පැවැත්වෙන තරගාවලි ආවරණය කරන ජනප්‍රිය ක්‍රීඩා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම ඔලිම්පික් කමිටුව විසින් කපා දමා තිබේ.