ලලිත් චාමින්ද –
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුළට විසිකොට තිබු පාර්සලයක් තුළ තිබී ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 07ක්, කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 04ක්, බැටරි චාජ්, ඉයර් පොන්, දුම්කොළ හා බුලත්විට තිබි හමුවි ඇති බැව් බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (27) බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තාප්පයට උඩින් මෙම පාර්සලය විසිකොට ඇත.
එය විශේෂ කාර්යබලකායේ සෙබලෙකු දැක පරික්ෂා කිරිමේ දි ජංගම දුරකථන ඇතුළු උපකරණ සොයාගෙන තිබේ.
මේ පිළිබද බන්ධනාගාර සහකාර අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
මේ පිළිබද විශේෂකාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි අංශය හා රත්ගම පොලිසිය විසින් පරික්ෂණ ආරම්භකොට තිබේ.