බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනිසුරු ඉලන්චෙලියන්ට වෙඩි තැබූ පිස්තෝලය පොලිසිය අධිකරණයට ඉදිරිපත්කර නෑ… නඩුව කල් යයි! 

by editor
අප්‍රේල් 28, 2024
in පුවත්
ඉලන්චේලියන් විනිසුරුවරයා දැඩි ආරක්ෂාව මැද අධිකරණයට පැමිණි අයුරු...

ඉලන්චේලියන් විනිසුරුවරයා දැඩි ආරක්ෂාව මැද අධිකරණයට පැමිණි අයුරු...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

එවකට යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ දැනට වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා ලෙස සේවය කරණ මානික්කවාසගම් ඉලන්චෙලියන් විනිසුරුවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විහාගය මැයි මස 21   දා  වෙනිදා දක්වා යාපනය මහාධිකරණ විනිසුරු ඩෙනිස් ශාන්තන් සූසෙයිදාසන්   විසින්  කල් තබනු ලැබීය.

ඉලන්චෙලියන් විනිසුරුවරයා ඉලක්ක කරගෙන අපරාධකරුවකු විසින් වෙඩි තබන ලද පිස්තෝලය අධිකරණය වෙත ඉදිරිපත් නොවීම නිසා මෙම නඩුව කල් තබීමට යාපනය මහාධිකරණ විනිසුරුවරයාට සිදු වුණි. 

නඩු විභාගයේදී පොලිස් නිලධාරීන්ට එම පිස්තෝලය හඳුණා ගැනීමට හැකිදැයි යාපනය මහාධිකරණ විනිසුරුවරයා විමසූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්  ඊට ඔව් යනුවෙන් පිළිතුරු දෙන ලද නමුත් පිස්තෝලය අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස දැන් වූ  අවස්ථාවේදී එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවත් එය මේ දක්වා යාපනය පොලීසිය වෙත ලැබී නොමැති බවත් පොලීසිය සදහන් කොට ඇත. 

මේ නිසා ඉතා ඉක්මනින් එම පිස්තෝලය යාපනය පොලීසිය වෙත රැගෙන ඒමට පියවර ගන්නා ලෙස පොලීසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා නඩුව මැයි මස 21 වෙනිදා දක්වා කල් තබනු ලැබීය.

ඉලන්චෙලියන් මහාධිකරණ විනිසුරුවරයා යාපනයේ සේවය කරමින් සිටියදී 2017-07-22  දින මෙම  වෙඩිතැබීම සිදුවී තිබිණි. අධිකරණයේ සිට සිය නිල නිවස වෙත මෝටර් රථයෙන් ගමන් කරමින්  සිටියදී යාපනයේ නල්ලූර් කෝවිල් මාර්ගයේ සැඟව සිටි සකකරුවකු එක්වරම පිස්තෝලයක් රැගෙන මහා මාර්ගයට පැන විනිසුරුවරයා ගමන් කරමින් සිටි මෝටර් රථය දෙසට වෙඩි තබන්නට විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අවස්ථාවේදී විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් හේමචන්ද්‍ර  නැමති නිලධාරියා ඉදිරියට පැන පිස්තෝලකරුට වෙඩි තබා ඔහුව මෙල්ල කිරීමට ගිය අවස්ථාවේදී සැරයන්වරයාට වෙඩි වැදී ඔහු ජීවිතක්ෂයට පත් විය.

පසුව පොලීසිය විසින් එම පිස්තෝලකරුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි. 

ඊට අදාල නඩුව යාපනය මහාධිකරණයේදී විභාගයට  ගත් අවස්ථාවේදී ප්‍රධාන සාක්කිය ලබා දීමට ඉලන්චෙලියන් විනිසුරුවරයා දැඩි ආරක්ෂාවක් මැද යාපනය මහාධිකරණය වෙත පැමිණ සිටියේය.   එම නඩුව එක දිගටම විභාග කරගෙන යාමට යාපනය මහාධිකරණය තීරණය කොට තිබුණි. 

නමුත් අදාල පිස්තෝලය අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා නඩු විභාගය කල් දැමීමට යාපනය මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය එන්නත් කර 10ක් සමග එක්ව සොයුරිය සමූහ දූෂණය කළ වැඩිමල් සොහොයුරා අත් අඩංගුවට…

Next Post

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගුවනින් පැමිණි ස්මාර්ට් ෆෝන් 07ක් ඇතුළු උපකරණ ගැන පරීක්ෂණ අරඹයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.