දිනසේන රතුගමගේ –
යාපනයේ ආණ්ඩියා නගර් ගම්මානයේදී බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය එන්නත් කොට අවුරුදු 34 ක කාන්තාවක් සමූහ දූෂණයකට ලක් කළ කණ්ඩායමේ ප්‍රධානියා එම කාන්තාවගේ වැඩිමල් සොහොයුරා බවට හඳුණාගත් යාපනය පොලීසිය 27 දා ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ යාපනය පේදුරුතුඩුව පොලිස් වසමට අයත් ප්‍රදේශයක වූවත් සැකකරුවන් හා කාන්තාවගේ පදිංචිය යාපනය නගරයට ආසන්න නිසා එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම පේදුරුතුඩුව පොලීසිය විසින් යාපනය පොලීසිය වෙත බාර දී තිබුණි.
මෙම කාන්තාවගේ මව හා පියා මිය යාමෙන් පසුව ඇය ඇයගේ වැඩිමල් සොහොයුරිය සමග ජීවත් වී ඇති අතර මීට මාස දෙකකට පමණ ඉහතදී ඇයද මියයාමෙන් පසුව සිය වැඩිමල් සොහොයුරාගේ නිවසේ ජීවත් වී තිබේ.
එම පුද්ගලයා මිතුරන් සමග අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වී ඇති අතර ඔවුන් මත් ද්‍රව්‍ය පානය කළ දිනයකදී ඔහුගේ මිතුරන් සිද්ධියට මුහුණ දුන් කාන්තාව දූෂණය කිරීමට කතිකා කරගෙන තිබේ.
ඒ අනුව ඇය සිටි නිවසට පැමිණි එකොලොස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඇයට මත්ද්‍රව්‍ය ශරීරගත කොට ඇයව සියලු දෙනාම එක්ව දූෂණය කොට තිබේ.
කාන්තාවට මත්ද්‍රව්‍ය එන්නත් කිරීමත් ඇයව මුලින්ම දූෂණය කිරීමත් සිදු කොට ඇත්තේ දැනට පොලිස් අත් අඩංගුවේ සිටින ඇයගේ වැඩිමල් සොහොයුරා විසිනි.
සමූහ දූෂණයකට ලක් වූ කාන්තාව රෝගී වීම නිසා ඇය පේදුරුතුඩුව රෝහල ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය පිළිබදව සියලු තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව අත් අඩංගුවට ගත් කාන්තාවගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඉතිරි පිරිසද අත් අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.