සුමිත් පොතුපිටිය –
පුද්ගලයින් තිදෙනකු නීති විරෝධී මත්පැන් පානය කර මියගිය බවට ප්‍රදේශවාසීන් සැක පල කරන සිදුවීමක් වරකාගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැව්රිදි වැලිවිට ආරච්චිගේ රොෂාන් ඉන්දික පෙරේරා , 69 හැව්රිදි මුතුකුඩ ආරච්චිගේ පද්මසිරි විජේගුණවර්ධන සහ 64 හැව්රිදි හොඳමුණිගේ උපුල් නමැති පුද්ගලයින් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති තිදෙනා නීති විරෝධී මත්පැන් පානය කිරීම හේතුවෙන් මිය යන්නට ඇති බවට සැක පළ කරන බව සඳහන් කරමින් ප්‍රදේශවාසීන් සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.
වරකාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.