දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ කාන්තාවක් විසින් සිය ගම්මානයේ දේවස්ථානයක සඟවා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙකක පාර්සලයක් කිළිනොච්චිය පොලීසිය විසින් ඊයේ 27 දා සොයා ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාව නිවසේ බොහෝ කාලයක් තබා ගෙන සිටි එම හෙරොයින් පාර්සලය අසල පිහිටි දේවස්ථානයක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලීසිය සොයා ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පොලීසිය අදාල දේවස්ථානයේ බාරකාර පියතුමාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී පියතුමා පවසා ඇත්තේ එවැනි පාර්සලයක් තමන් නොදුටු බවයි.
මේ අතර ඇයට හෙරොයින් පාර්සලය ලබා දුන් පුද්ගලයා සෙවීමේ කටයුතුද පොලීසිය විසින් ආරම්භ කොට ඇත.
කාන්තාව මෙහිදී වරද පිලිගෙන ඇති අතර ඇයව කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.