ලලිත් චාමින්ද –
වයස අවුරුදු 14ක් හා මාස 06ක් වියැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරීම සම්බන්ධයෙන් දැරියගේ ඥාති මාමා කෙනෙක් ඊයේ (27) අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදිවියේ පසුවන හෝටල් සේවකයෙකි. සැකකරු වංචාවල, දිවුලාන ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. දැරිය දිය නා තුවායක් ඇද නිවස තුලට පැමිණ ඇදුම් ඇදිමට සුදානම්වෙමින් සිටියදි සැකකරු නිවස තුළදි දැරිය දුෂණය කොට ඇති බව පොලිසිය පවසයි.
සැකකරු විසින් මේ පිළිබද කිසිවෙකුටවත් නොකියන ලෙස දැරියට තර්ජනය කොට ඇති බවද පොලිසිය විසින් කරණු ලැබු විමර්ශන වලදි අනාවරණය වි ඇත.
මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර දැරිය උපකාරක පංතියකට යාම සදහා දිය නා නිවස තුළට පැමිණ ඇදුම් මාරුකරමින් සිටියදි අතවරයට ලක්ව ඇත.
සිද්ධිය වී දින 04කට පමණ පසුව දැරිය මව සමග පැමිණ හබරාදුව පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇත.
සැකකරු අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුණුවිල බණ්ඩාර ගේ අධික්ෂණය යටතේ හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ කාන්තා උප පොලිස් පරික්ෂිකා අබෙසුන්දර විසින් මෙම සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වයි.