තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍යයක් බව පවසන ජනාධිපතිවරයා දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි.
පක්ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නගර සභා භූමියේ දී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.