මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව උණගලාවෙහෙර ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ අඩි විස්සක් පමණ ගැඹුරට වළක් හාරා නිදන් වස්තු සෙවීමට කැණීම් කරමින් සිටි දෙදෙනකු, කැනීම් කිරිමට, යොදාගත් ස්කෑන් යන්ත්‍රයක් සහ තවත් උපකරණ තොගයක් සමග, අද 28 පෙරවරුවේදි සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, පොළොන්නරුව උණගලාවෙහෙර සහ වත්තල ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 23 සහ 32 වයසේ දෙදෙනකු බව අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, පොලිස් පරීක්ෂක, ආර්.එම්.පී ජයකැලුම් සඳහන් කළේය.
වත්තල පදිංචි සැකකරු කරණවෑමියෙකු වන අතර අනෙත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ අයෙකු බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
මෙම සැකකරුවන් සතුව තිබූ කැනීම් උපකරණ සහ ස්කෑන් මැෂින් එකක්, යතුරුපැදියක්, අත්අඩංගුවට ගත් බවද අරල ගංවල විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය කලාප අණදෙන නිලධාරි (අම්පාර) පොලිස් අධිකාරි ඒ.එස්.පි ගුණසිරිගේ උපදෙස් පරිදි ප්‍රාදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි කේ.ඩි.ජී.සී ගුණරත්නගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය අරලගංවිල කදවුරේ කදවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ආර්.එම්.පි ජයකැළුම්ගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක එච්.එම්.එස්.ඩී බණ්ඩාර, පොලිස් සැරයන් 10302 බණ්ඩාර, පොලිස් සැරයන් 66827 වනසේකර, පොලිස් කොස්තාපල් 30498 වික්‍රමආරච්චි, පොලිස් කොස්තාපල් 38817 මධුශංක, පොලිස් කොස්තාපල් 94364 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 101165 යසරත්න, පොලිස් කොස්තාපල් රියදුරු 76100 මලින්ද යන නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.
අත්අඩංගුවට ගත් උපකරණ සමග සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව පොලිසියට භාරදී ඇති අතර ඔවුන් හෙට (29 ) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.