පසුගියදා 14 වැනිදා මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක්ව අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණිය පුරා සති දෙකක් ජීවිතය සමග පොරබැදීමෙන් පසු අද උදේ (28) මිය ගොස් ඇත.
පසුගිය 14 දා රාත්‍රී 8.30 ත් 8.45 අතර කාලයේ මෙම වෙඩි තැබීම සිදුව තිබිණි. වෙඩි වැදීමෙන් එම තරුණියගේ ගෙල ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබිණි. රෝහලට රැගෙන යන අවස්ථාවේදීත් ඇය සිටියේ බරපතල තත්ත්වයේ ය. ඒ හේතුවෙන් තරුණිය පොලොන්නරුව රෝහලෙන් අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා තිබිණි.
අලුත් අවුරුදුද්ද නිමිත්තෙන් අසල්වැසි නිවසකට අවුරුදු නෑගම් ගොස් සිටි අවස්ථාවේදී ඇය මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූවාය.
ඇය පවත්වාගෙන ගිය බව කියන ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන ඇති වූ ගැටුමකට පසු මෙම වෙඩි තැබීම සිදුවී තිබිණි.
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගයෙකි. ප්‍රදේශයෙන් පලා ගිය පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
සිද්ධිය වූ අවස්ථාවේ දී තරුණියගේ මව කී කතාව පහත දැක්වේ.