ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනය සම්බන්ධයෙන් ජනතාගෙන් වැඩි පිරිසක් තුළ කිසිදු විශ්වාසයක් නොමැති බව පසුගියදා කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
සරම්ප එන්නත ලබා දීම සඳහා පසුගිය දිනවල රටපුරා පැවැත් වූ එන්නත්කරණ වැඩ සටහන්වලදී බොහෝ ප්‍රදේශවල ජනතාව එන්තත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි එම සමික්ෂණයේදී අනාවරණ වී ඇත.
විශේෂයෙන්ම සරම්ප එන්නත ලබා දීමේදි එම එන්නත් බාල වර්ගයේ එන්නත් ද?, එයින් දරුවන් යම් අසාත්මිකතාවක් ඇතිවේද?, දරුවන්ගේ ජිවිතවලට හානියක් සිදුවේද?, යන්න පිලිබද බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබිණි. කවරදාවත් නොමැති ලෙස එනනත් ප්‍රතික්ෂේප කිරීම වැඩි වී තිබිණි. අමාත්‍යංශය ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මේ ජනතා විශ්වාසය බිඳවැටී ප්‍රශන් කරමින් ඇත්තේ ලොව හොඳම එන්නත් ව්‍යාපාරයක් තිබුණු රටක ජනතාව බවය..
මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයේ, කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ සහ කොලොන්නාව ප්‍රදේශය, මෙන්ම කල්මුණේ ප්‍රදේශයේ මෙම ප්‍රතික්ෂේප කිරිම දරුණු ලෙස සිදුව ඇති බව පැවසේ.
රටේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම තත්ත්ව වැඩි වශයෙන් වාර්තා වූ බව සඳහන් වේ.
ජනතාව එන්නත් ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේදී මෙරටට ගෙන්නූ බාල බෙහෙත්, බාල එන්නත් ලබා ගත් පුද්ගලයින්ට යම් යම් අසාත්මිකතාවන් ඇතිවීම, විසවීම , ශරීර අවයව (ඇස්) අහිමි වීම හා ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවීම වැනි අත්දැකීම් නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.