බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්‍රේනය සහ රුසියාව කරට කර ඩ්‍රෝන, මිසයිල සටනක!

by lankasara-editor
අප්‍රේල් 27, 2024 - Updated on අප්‍රේල් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල  –

රුසියාව අද (27) යුක්‍රේනය ට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර රටේ බලශක්ති සැපයුම ඉලක්ක කරගත් එම ප්‍රහාරය බැලස්ටික් මිසයිල සහ කෲස් මිසයිල යොදාගෙන සිදු කර ඇති බව වාර්තා වනවා.  මෙම ගුවන් ප්‍රහාරය යුක්‍රේන බල පද්ධතිය ඉලක්ක කරගනිමින් සිදු වූ සිව්වන මහා පරිමාණ ගුවන් ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ.

එලෙස රුසියාව එල්ල කරන ලද නවතම ප්‍රහාරක ඩ්‍රෝන යානා 34 කින් 21 ක් බිම හෙළූ බව යුක්‍රේනය ප්‍රකාශ කර තිබෙනවා.

ටෙලිග්‍රෑම් හි සටහනක් තබමින් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි මේ බව පවසා ඇති අතර සෑම මිසයිලයක්ම සහ සෑම ඩ්‍රෝනයක් ම බිම හෙළීම සඳහා යුක්‍රේනයට උදව් කිරීමට ලෝකයට අවස්ථාව තිබෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවල ආධාරකරුවන්ගෙන්, තම රට ආරක්ෂා කර ගැනීම සඳහා තවත් ගුවන් ආරක්ෂක පද්ධති සපයන ලෙස ද ඉල්ලීම් සිදුකර තිබෙනවා.

අප්‍රේල් 26 එනම් පෙරේදා දින යුක්‍රේන ආරක්ෂක සම්බන්ධතා කණ්ඩායමේ රැස්වීමක දී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් නිවේදනය කර ඇත්තේ එක්සත් ජනපදය විසින් ගුවන් ආරක්ෂක දියත් කිරීම් සඳහා අතිරේක යුධෝපකරණ සහ ආම්පන්න ලබා දෙන බවයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත් යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාකිව් වෙත එල්ල වුනු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්  ඊට නැගෙනහිරින් පිහිටි මනෝචිකිත්සක රෝහලක ට හානි සිදු ව ඇති බව සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අද දින  යුක්‍රේනය ද රුසියාවේ ක්‍රස්නොඩර් කලාපයේ ඉල්ස්කි සහ ස්ලව්යන්ස්ක් – නා – කුබානි තෙල් පිරිපහදුවලට ඩ්‍රෝන යානා මගින් ප්‍රහාර එල්ල කර තිබෙන අතර එමගින් එහි විශාල ගින්නක් ඇති වී තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩිනම් සංවර්ධනයක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට මිලියන 100යි… නැවත ජනපති වෙන්න රනිල් ගම් අල්ලන්න හදන හැටි…

Next Post

රනිල් – නාමල් අතරින් හොඳම ජනාධිපති අපේක්ෂකයා රනිල්… රනිල්ට සියයට පන්සීයක් සහය දෙනවා… පොහොට්ටු මන්ත්‍රී ජගත් සමරවික්‍රම කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.